Tuesday, August 7, 2012

කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව






කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව ලෙස හඳුන්වනු ලබන්නේ සංවිධාන, වැඩ පරිසරය සහ වෘත්තිකයන් පිලිබඳ සිදුකරන විද්‍යාත්මක අධHයනයයි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාඥයින් මෙහිදි තම දායකත්වය ලබා දෙන්නේ වැඩ පරිසරය තුළ  පුද්ගලයාගේ යහපැවැත්ම සහ සංතෘප්තභාවය වැඩි දියුණු කිරීම මගින් එම වැඩ පරිසරයට සාර්ථකත්වය ළඟා කර දීම මගිනි. මෙම කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාඥයින් වැඩ පරිසරය ආශ්‍රිත පර්යේෂණ පවත්වනවා මෙන්මරැකියා නියුක්තිකයන්ගේ චර්යාවන් සහ ආකල්ප පුහුණු කිරීම්, ප්‍රතිපෝෂණය සහ පරිපාලන පද්ධතීන් මගින් වර්ධනය කරන්නේ කෙසේද යන්න හඳුනා ගනී. එමෙන්ම ඔවුන් එම වැඩපරිසර තුළ විවිධ කාලසීමා අතර දී සිදුවන වෙනස් වීම් සහ වර්ධනීය තත්ත්වයන් පෙන්වා දීමටද උපකාර කරයි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යා බොහෝ විට "සංවිධාන චර්යාව" යන සංකල්පය සමගද සම්බන්ධ වේ

Hවහාර විද්‍යාවේදී, කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යා වෙන්වන්නෙa ඇමෙරිකානු  මනෝවිද්‍යා සංගමයේ 14 වන ප්‍රවර්ගය ලෙසය. එම සංගමය හඳුන්වනු ලබන්නේ "කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යා සඳහා වන සමාජය"(Society for Industrial and Organizational Psychology- SIOP)  ලෙසය.

කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යා පිළිබඳ අවධානය යොමු කරන විට කාර්මික මනෝවිද්‍යා පිළිබඳ ගියන්” Guion (1965) නමැති මනෝවිද්‍යායා දක්වා ඇති නිර්වචනය වැදගත් වේ. ඔහුට අනුව කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යා යනු "පුද්ගලයා සහ වැඩ ලෝකය අතර පවතින අන්තර් සම්බන්ධතාව පිළිබඳ වන විද්‍යාත්මක අධ්‍යයනයයි"

බ්ලම් සහ නේලර්  Blum & Nayler (1968) යන දෙදෙනා කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යා නිර්වචනය කර ඇත්තේ "්‍යාපාර සහ කර්මාන්ත යන සන්දර්භය තුළ පුද්ගලයා පිළිබඳ සළකා බලමින්, මනෝවිද්‍යාත්මකව කරනු සහ මූලිකාංග සරල ආකාරයට යොදා ගැනීම තුළින් ගැටළු විසඳීම" වශයෙනි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවට ඓතිහාසිකව පුළුල් අධHයන ක්ෂේ%ත්‍රයන් අන්තර්ගත වී තිබේ. එනම් පුද්ගලයාගේ ස්වභාවය අධ්‍යයන කිරීමේ ක්ෂේ%ත්‍රය සහ අවස්ථාව හෝ සන්දර්භය (සමාජය) පිළිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයයි. මෙම ප්‍රභේදනය කෘත්‍රීම එකක් වුවද කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ ඇතැම් සංකල්පයන් මෙම ක්ෂේ%ත්‍ර දෙක හරහාම වර්ධනය වී තිබේ. ඇතැම් අවස්ථාවන්හි දී කාර්මික මනෝවිද්‍යා සංවිධානාත්මක අධ්‍යයන, සංවිධාන විද්‍යා, සංවිධානාත්මක චර්යාව, මානව සම්පත් කළමණාකරණය යන ක්ෂේත්‍රයන්ගේ සහෝදර ක්ෂේත්‍රයක් ලෙස සැලfකන නමුත් මෙම ක්ෂේත්‍ර අතර පිළිගත් විශ්වීය වර්ගීකරණයක් නොමැත.
කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යා ආශ්‍රි පර්යේෂණ සහ %dයෝගික ක්ෂේ%ත්‍ර විශාල %ප්‍රමාණයක් පවතී.

 එනම්,

1. වෘත්තීන්  ආශ්‍රිත කාර්ය සාධනය

2. ‍රැකියා විශ්ලේෂණය

3. පුද්ගල බඳවා ගැනීම් සහතෝරා ගැනීම්

4. විනිශ්චය කිරීම් සහ තීරණ ගැනීම්

5. ඒකපුද්ගල පැවරුම් (දැනුම,කුසලතා සහ ආකල්ප පරීක්ෂණයන් හා ආකල්ප පරීක්ෂණයන්)

6. මනෝගණිතය

7. පුහුණු කිරීම් සහ පුහුණු කිරීම ගණනය කිරීම

8. ‍රැකියා නීතිය

9.  වැඩ කිරීමේ අභිප්‍රේරණයන්

10. වෘත්තීය ආකල්ප (වෘත්තීය සංතෘප්තභාවය ආදිය)

11. වෘත්තීය සහ පුද්ගලික ජීවිත්යේ සමබරතාව

12. වෘත්තීමය නිරෝගීභාවය සහ ආරක්ෂාව

13. සංවිධානාත්මක සංස්කෘතිය

14. සංවිධානාත්මක සමීක්ෂණ

15. නායකත්ව සහ විධායක පුහුණු කිරීම්

16. ආචාර ධර්ම

17. විවිධත්ත්වය

18. ‍රැකියා නිර්මාණය කිරීම

19. සංවිධානාත්මක සංවර්ධනය

20. සංවිධානාත්මක පර්යේෂණ විධි ක්‍රම


කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාඥයන් පුහුණු කරනු ලබන්නේ  Scientist-Practitioner Model අනුවය. මෙම කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ සුවිශිෂ්ටයන් අනෙකුත් විද්‍යාඥයන්ට විද්‍යාත්මක මූලධර්මයන් සහ පර්යේෂණ මූලික සැළසුම්කරණයන් යොදා ගැනීමෙන් සංවිධාන සංවර්ධනය කිරීම සඳහා නව දැනුම උත්පාදනය කිරීමටත් එම දැනුම අදාළ ක්ෂේත්‍රයන් සඳහා ආදේශ කිරීමටත් අවසර ලබා දෙයි.

කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ ඉතිහාසය දෙස සළකා බලන විට එහි සම්භවය සිදුවන්නේ පළමු ලෝක යුධසමය සමය තුළය. පළමු ලෝක යුධසමයේදී බිඳ  වැටුනු ආර්ථිකය මෙන්ම බිඳවැටුනු පුද්ගල මානසිකත්වයන් නැවත නඟාසිටුවීම සඳහා මෙම කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යා බිහිවූ බව දැක්විය හැකිය. මෙහි පූර්ව වර්ධනීය තත්ත්වයන් සඳහා පුරෝගාමීන් බවට පත් වූයේ 1819,1895 සහ 1919 යන වර්ෂවලදී ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමයේ සභාපතිවරුන් බවට පත්වූ වෝල්ටර් ඩිල් ස්කොට් (Walter dil Scott), ජේම්ස් මැකීන් කැට්ල් (James Makkein Cattel) සහ හියුගෝ මුන්ස්ටර්බර්ග් (Heugo Munsterberg) යන මනෝවිද්‍යාඥයන්ය.දෙවන ලෝක යුද සමයෙන් පසු සංවිධාන මනෝවිද්‍යා වර්ධනය වන්නේ කර්ට් ලෙවින් (Curt Lewin) සහ මුසෆර් ෂෙරිෆ්  (Mushafer sheriff) යන මනෝවිද්‍යාඥයන්ගේ පර්යේෂණ මතය.



කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යා, මනෝවිද්‍යා විෂය පථය තුළ ඉතා වැදගත් අංශයක් බවට පත්වන්නේ මෙම ක්ෂේත්‍රය ඕනැම රටක පැවතීම නිසාත්, සැම පුද්ගලයෙක්ම කාර්මීකරණය සමග සම්බන්ධ වීම නිසාත්ය. බොහෝවිට වෘත්තීයක නිරතවන්නන්ගේ මානසික තත්ත්වයන් වැඩි දියුණු කිරීමටත්, වැඩපරිසරය තුළ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව සංවර්ධනය කිරීමටත් කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යායොදාගත හැක. කාර්යක්ෂමතාව දුර්වල වූ විට ආයතනයක හෝ සංවිධානයක ඵලදායිතාව අඩුවිය හැක. සඳහා විවිධ හේතු බලපායි. නිදසුනක් ලෙස ගතහොත් වැඩ පරිසරය තුළ පවතින ඒකාකාරීභාවය සඳහා බලපායි. කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාවේ ්‍යා සහ සංකල්ප යොදා ගනිමින් එම අදාල වැඩපරිසරය වෙනස් කළ හැක. එමගින් එම වැඩපරිසරය තුළරැකියාවල නිරතවන්නන්ගේ මානසික සංතෘප්තභාවය වර්ධනය වන අතර එයින් එම ආයතනයේ හෝ සංවිධානයේ කාර්යක්ෂමතාව හා සාඵලHතාව වැඩි කරගත හැකිය.

මේ ආකාරයට කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යා, කාර්මීකරණය සමග සම්බන්ධ වන අතර දිනෙන් දින වර්ධනය වන කාර්මික ලෝකයට නැතිවම බැරි සහෝදර විෂයයක් බවට පත්වී තිබෙනු දැකිය හැකිය.

ආශ්‍රේය: http://en.wikipedia.org/wiki/Industrial_and_organizational_psychology


ERANDATHI RAJAPAKSHA,
BA. PSYCHOLOGY (SP) (UG),
2ND YEAR,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.

0 comments:

Post a Comment