Monday, July 30, 2012

මනෝවිද්‍යාවෙහි පුරෝගාමීන්

වර්තමානය වන විට මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයක් වශයෙන් ලබා ඇති දියුණුව අතිමහත්ය. එහි වර්ධනය වන්නේ මෑතකදී නොව. ඒ සඳහා පදනම ශත වර්ෂ ගණනාවක සිට බිහිවන්නට විය. කිසියම් වූ විෂය ක්ෂේත්‍රයක් වර්ධනය වීමේදී බලපාන සුවිශේෂී වූ කරුණු දක්නට ලැබේ.මනෝවිද්‍යාව තුළද එසේමය. විවිධ පුද්ගල මතවාද වලින් විෂය පථය පුළුල්වන්නට වූවා සේම එම මතවාද දරන ගුරුකුල පවා ඇති වන්නට විය.
මනෝවිද්‍යාව පිළිබඳ සමාජයේ පුද්ගලයෙකුගෙන් විමසූ විට නිතැතින් ඔවුන්ගේ මුවින් පිටවනුයේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ නාමය පමණි. නමුත් මනෝවිද්‍යා විෂය පථය ගත් කළ එහිදී අපට දර්ශනවේදීන්, වෛද්‍යවරුන් සේම විද්‍යාඥයින් පවා දක්නට ලැබේ. පහතින් දැක්වෙන්නේ මනෝවිද්‍යාවෙහි වර්ධනය සඳ්හා දායක වූ පුද්ගල නාම ලේඛනයකි.


·         1734-1815 ෆ්‍රෑන්ස් ඇන්ටන් මෙස්මර් (Franz Anton Mesmer)  
                          23 මැයි 1734 - 05 මාර්තු 1815

·         1832-1920 විල්හෙල්ම් මැක්සිමිලියන් වුන්ඩ් (Wilhelm Maximilian Wundt)
                       16 අගෝස්තු 1832 - 31 අගෝස්තු 1920


·         1842- 1910 විලියම් ජේම්ස් (William James)   
                       11 ජනවාරි 1842 - 26 අගෝස්තු 1910


·         1849-1936 ඉවාන් පෙට්‍රොවිච් පැව්ලොව් (Ivan Petrovich Pavlov) 
                       26 සැප්තැම්බර් 1849 -27 පෙබරවාරි 1936


·         1850-1909 හර්මන් එබින්හවුස් (Hermann Ebbinghaus)
                       24 ජනවාරි 1850 - 26 පෙබරවාරි 1909


·         1856-1939 සිගිස්මන්ඩ් ස්ක්ලොමෝ ෆ්‍රොයිඩ් (Sigismund Schlomo Freud)
                       06 මැයි 1856 – 23 සැප්තැම්බර් 1939


·         1859-1947 පියරි ජෙනට් (Pierre Janet) 
                        30 මැයි 1859 – 24 පෙබරවාරි 1947


·         1870-1937 ඇල්ෆ්‍රෙඩ් ඇඩ්ලර් (Alfred Adler)
                       07 පෙබරවාරි 1870 -28 මැයි 1937


·         1871-1938 විලියම් මැක්ඩුගල් (William McDougall)
                       22 ජුනි 1871 - 28 නොවැම්බර් 1938 


·         1874-1949 එඩ්වඩ් ලී තොන්ඩයික් (Edward Lee Thorndike)
                       31 අගෝස්තු 1874 - 9 අගෝස්තු 1949


·         1875-1961 කාල් ගුස්ටාව් යුං (Carl Gustav Jung)
                       26 ජූලි 1875 - 06 ජුනි 1961


·         1878-1958 ජෝන් බ්‍රෝඩස් වොට්සන් (John Broadus Watson)
                       09 ජනවාරි 1878 - 25 සැප්තැම්බර් 1958


·         1880-1961 ආනෝල්ඩ් ලුසියස් ගිසෙල් (Arnold Lucius Gesell)
                       21 ජුනි 1880 - 29 මැයි 1961


·         1885-1952 කැරන් හෝර්නි (Karen Horney)
                       16 සැප්තැම්බර් 1885 -04 දෙසැම්බර් 1952


·         1886-1959 එඩ්වඩ් චේස් ටොල්මන් (Edward Chace Tolman )
                       14 අප්‍රේල් 1886 -19 නොවැම්බර් 1959


·         1887-1967 වොල්ෆැන්ග් කොලර් (Wolfgang Kohler)
                       21 ජනවාරි 1887 - 11 ජුනි 1967


·         1896-1980 ජීන් පියාජේ (Jean Piaget)
                       09 අගෝස්තු 1896 - 16 සැප්තැම්බර් 1980


·         1897-1967 ගෝඩන් විලාඩ් ඔල්පෝර්ට් (Gordon Willard Allport)
                      11 නොවැම්බර් 1897 - 09 ඔක් ‍තෝබර් 1967


·         1900-1980 එරික් සෙලිග්මන් ෆ්‍රෝම් (Erich Seligmann Fromm)
                       23 මාර්තු 1900 -18 මාර්තු 1980


·         1902-1987 කාල් ‍රැන්සම් රොජර්ස් (Carl Ransom Rogers)
                      08 ජනවාරි 1902 - 04 පෙබරවාරි1987


·         1902-1994 එරික් එරික්සන් (Erik Erikson)
                       15 ජුනි 1902 – 12 මැයි 1994


·         1904-1990 බර්හස් ෆෙඩ්‍රික් ස්කිනර් (Burrhus Frederick Skinner)
                       20 මාර්තු 1904 -18 අගෝස්තු 1990


·         1905-1998 රේමන්ඩ් බර්නාඩ් කැට්ල් (Raymond Bernard Cattell)
                      20 මාර්තු 1905 - 02 පෙබරවාරි 1998


·         1908-1970 ඒබ්‍රහම් හැරල්ඩ් මැස්ලොව් (Abraham Harold Maslow)
                      01 අප්‍රේල් 1908 - 08 ජුනි 1970


·         1916-1997 හැන්ස් ජර්ගෙන් අයිසෙන්ක් (Hans Jürgen Eysenck)
                      04 මාර්තු 1916 - 04 සැප්තැම්බර් 1997



·         1927- 1989 රොනල්ඩ් ඩේවිඩ් ලේංග් (Ronald David Laing)
                      07 ඔක් ‍තෝබර් 1927 – 23 අගෝස්තු 1989


·         1927-1987 ලෝරන්ස් කොල්බර්ග් (Lawrence Kohlberg)
                      25 ඔක් ‍තෝබර් 1927 -19 ජනවාරි 1987



මෙම මනෝවිද්‍යාඥයින් පිළිබඳ සවිස්තරාත්මක විස්තර පසු ලිපි තුලින් ඉදිරිපත් කරනු ලැබේ.

 
R.D.D.ANURADHA
BA. PSYCHOLOGY(SP) (UG),
2ND YEAR ,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.

1 comment: