Saturday, September 8, 2012

දෙමාපියභාවය සහ දරුවා


උපන් බිළිඳුන් මහ මග දමා යන, වැසිකිලි වලට හෝ ගඟට ඇලකට දමා මරා දමන තත්ත්වයක් අද ලංකාව තුලින් බිහිවී තිබේ. ලොව උතුම් පදවිය ලෙස සලකන මාතෘත්ත්වය මෙසේ සමාජය තුළ කුරිරු වී ඇත්නම් හෝ නූපන් කලලය කුස තුල සිටියදීම විනාශ කර දමන්න යැයි ඉල්ලන පුරුෂයා හට කට පුරා දෙමාපියන් යැයි කිව හැකිද? නැත. සැබවින්ම දරුවන් නොමැතිව දරුවන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ලංකාවේ සතර දිග්බාගයේ තිබෙන්නාවූ කෝවිල් දේවාල පන්සල් වල බාරහාර වන පිරිස් කොතරම් සිටීද. ඇතැමුන් නිර්දාරකභාවය(දරුවන් නොමැතිකම) නිසාම වෙනත් පුද්ගලයෙකුගේ දරුවෙකුගෙන හදාවඩා ගනී. එම පුද්ගලයන් එම දරුවාගේ ජීවවිද්‍යාත්මක දෙමාපියන් නොවුනද දෙමාපියන් වීමේ වරම ඔවුනටද හිමිවේ. එම නිසා දෙමාපියභාවය සහජයෙන් උරුමවන්නක් ලෙස ලේබල් කොට තැබීම නුසුදුසුය.

වර්තමානය තුළ සිදු වන ඇතැම් සිදුවීම් විමසීමේදි දෙමාපියභාවය උප්පැන්න සහතිකයට පමණක් සීමා වී ඇති බව අකමැත්තෙන් උවද ප්‍රකාශ කළයුතු වේ. දිනෙන් දින ඉහළ යනු ලබන ආර්ථික, සංවර්ධන ක්‍රියාපටිපාටීන් හේතුවෙන් පවුල නැමැති සංකල්පයද ඒකගෘහීය වී තිබේ. එසේම පවුල තුල දෙමාපියන් ලෙස දැරිය යුතු තනතුරු වෙනත් පුද්ගලයන් හා භූමිකා මාරුවීමක් සිදුවී තිබේ. විශේෂයෙන්ම වර්තමානයේ දරුවන් වැදීම පමණක් තමාගේ කාර්‍යයක් ලෙස සලකන්නාවූ  ඇතැම් දෙමාපියන් දරුවාගේ සෑම කටයුත්තක්ම පාහේ මෙහෙකාරියකට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට හෝ පවරනු ලබනු දක්නට ලැබේ.

අතීතයේ දෙමාපිය කෙනෙක් මේ මේ දේවල් කළ යුතුයැයි නියමයක් තිබුණේ නැත. ඔවුන් වැඩිහිටි පරම්පරා දෙස බලමින් ඔවුන් අනුකරණය කරන්නට විය. එම නිසා විශේෂයෙන් තමන් මවක් හෝ පියෙක් වූ විට කළ යුත්තේ කුමක්ද පිළිබඳව ඔවුන් තුල සැබෑ අවබෝධයක් තිබුණි.

සැබෑ අවබෝධයක් සේම මුහුකුරා ගිය පිරිසකගෙන් ගුරුහරුකම් රැසක්ම දෙමාපිය යුවලට හිමි වුන ලදි. නමුදු වර්තමානය වන විට දරුවාගේ උපතේ සිට කිරි දීම, නැහැවීම, කැවීම සහ විවිධ ක්‍රියාකාරකම් කිරීම පිළිබඳ  මුල සිට දෙමාපියන් පුහුණු කිරීමේ පාඨමාලා, නිවසෙහිදීම උගත හැකි වීඩියෝ පට යනාදිය බිහිවී තිබේ.

දෙමාපියන් වශයෙන්, අපි මොවුන් නම් කරන්නේ කෙසේද? එසේ නම් දෙමාපියභාවය යනු කුමක්ද යන්න අප ඉදිරියේ පැන නගින ගැටළුවකි. දෙමාපියභාවය පිළිබඳව විවිධ අර්ථකථන බිහි වී තිබේ. ඒ අතරින් කිහිපයක් නම්,

"ස්ත්‍රියකට හා පුරුෂයෙකුට දාව හෝ නිර්දාරකභාවය නිසා හදාගනු ලබන දරුවෙකුගෙන් සමන්විත පුද්ගලයන් දෙමාපියන් වශයෙන් හඳුන්වනු ලැබේ."

"ළමයෙකුගේ ළදරු අවධියේ සිට වැඩිහිටි අවධිය තෙක් ඔහු/ඇයගේ කායික, මානසික, සමාජමය හා බුද්ධිමය වර්ධනය සඳහා සහයෝගය දැක්වීමේ ක්‍රියාවලිය" 

දෙමාපියභාවය වශයෙන් සලකයි.

කෙසේ හෝ දෙමාපියභාවයේ අරමුණු කිහිපයක් තිබේ. එනම්;

1.      ළමයාගේ අවශ්‍යතා සම්පූර්ණනය (කායික, මානසික, සමාජමය )

2.      ආරක්ෂාව

3.      සමාජානුයෝජනය

4.      ඉගැන්වීම සහ නිපුණතා සංවර්ධනය

5.      අරමුණු හා දිශාවන් තෝරාගැනීම සඳහා මඟ පෙන්වීම

වශයෙනි.


 ළමයාගේ අවශ්‍යතා සම්පූර්ණනය (කායිකමානසිකසමාජමය )

ළමයාගේ අවශ්‍යතා සම්පූර්ණ කරදීම වශයෙන් පවසන්නේ දරුවා ඉල්ලනු ලබන සෑම දෙයක්ම ලබාදීම නොවේ. දරුවාගේ අවශ්‍ය යැයි හැඟෙනදරුවාගේ ජීවන තත්තවයකට උචිත වනුයේද බලා ඒ පිළිබඳ නිවැරදි තීරණ ගැනීමක් දෙමාපියන් විසින් සිදු කල යුතුය. නමුත් බොහෝ දෙමාපියන් දරුවාගේ කැමැත්ත කුමක්ද ඒ දේ ලබාදීමට පුරුදු වීමත් නිසා පසුකාලීනව දරුවාගේ චර්යාත්මක වෙනස් වීම් වලට බලපානු ලබයි.
උදා:- දරුවා ඉල්ලන සෑම දෙයම ලබා දීම තුළින් දරුවා අන් පුද්ගලයන් මත යැපෙන චර්යාත්මක ලක්ෂණදදරුවාට අවශ්‍ය එහෙත් එම දේවල් ලබා නොදීම තුළින් ප්‍රචණ්ඩකාරී චර්යාත්මක ලක්ෂණ දරුවන් තුළින් ඉස්මතු විය හැකිය.

මේ නිසා දරුවාගේ කායිකමානසික හා සමාජයීය අවශ්‍යතා උචිත අයුරින් සම්පූර්ණනය කිරීම දෙමාපියන් විසින් නියමානුකූලව සිදුකල යුතු වේ.


·        ආරක්ෂාව

වර්තමානයේ දරුවන්ට නිසි ආරක්ෂාවක් තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි. නිවස තුළම දරුවන් දූෂණය වන තත්ත්වයකට පෙරලී තිබේ. පිටස්තර පුද්ගලයින්ගෙන්ඥාතීන්ගෙන්ද පමණක් නොව මව පියාගෙන්ද දරුවන් දූෂණය අභාග්‍ය සම්පන්න වේ. 

කුඩා කාලයේදී සෑම දරුවෙක්ම අත්හදා බැලීම් සිදු කරනු ලබයි. ඇස ගැටෙන ඕනෑම දෙයක් ගෙන සෙල්ලම් කිරීම කටේ දමාගෙන සැපීම යනාදිය සිදුකරයි. එසී නම් දෙමාපියන් විසින් සිදුකල යුත්තේ කුමක්දදරුවන්ට හානිදායක ද්‍රව්‍ය ඔවුන් තුළින් ඉවත් කිරීමය. යම් යම් ක්‍රියාකාරකම් දරුවා විසින් සිදු කිරීමේදී අනවශ්‍ය තහංචි පැවරීම තුළින් ළමා සංවර්ධන අවධියේදී සංවර්ධනය විය යුතු අංශ ඔවුන් තුළින් ගිලිහේ. 

මේ නිසා දරුවාගේ ආරක්ෂාව දෙමාපියන් විසින් වැඩි අවධානයක් යොමු කළ යුතු කරුණකි.



·        සමාජානුයෝජනය

දරුවන් සමාජයට අනුගත වියයුතුයි සේම දෙමාපියන් විසින් ඒ සඳහා ඔවුන් දිරි ගැන්විය. නමුත් වර්තමානයේ නිවැරදි අන්දමින් එය සිදුවේද යන්න ප්‍රශ්නාර්ථයකි. දරුවන් නිවසෙහි කාමරයට කොටු වීමේ ස්වභාවයක් වර්ධනය වී තිබේ. මේ නිසාම අවට පරිසරය හා නොගැටෙන දරුවන් සමාජයට වන්විට අතරමං වන සොබාවයක් දක්නට ලැබේ.  සමාජයේ තමා හැසිරිය යුත්තේ කෙසේද මිත්‍ර සමාගමයන් ඇති කර ගන්නේ කෙසේද යන්න පැහැදිලි අවබෝධයක් නොමැති වීමම නිසා ඔවුන් තුළින් පසුකාලීන දුර්වල පෞරුෂ ලක්ෂණ ඉදිරිපත් විය හැකිය.


·        ඉගැන්වීම සහ නිපුණතා සංවර්ධනය

ඉගැන්වීම දරුවෙකුට අවශ්‍ය තවත් එක් සාධකයකි. සුදුසු කල දරුවන්ට ඉගැන්විය යුත්තේ කුමක්ද යන්න නිවැරදි අවබෝධයකින් දෙමාපියන් හැසිරිය යුතුවේ. දරුවා කුඩා කල සිට දකින්නේ තම දෙමාපියන්ය. එම නිසා දෙමාපියන් අනුකරණය කරන ආකාරයක් දරුවා තුළින් දිස්වේ.මේ නිසා දරුවාට නිවැරදි අධ්‍යාපන මඟ පෙන්වීමක් දෙමාපිය විසින් සිදුකල යුතු වේ.


·        අරමුණු හා දිශාවන් තෝරාගැනීම සඳහා මඟ පෙන්වීම 

කුඩා දරුවන් සෑම විටම විවිධ ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි. අතට අසුවෙන ඕනෑම දෙයක් ගෙන එය ගලවා දමා නැවත සකස් කරන අයුරු ඔබ දැක තිබේදඑසේ සිදු කිරීමේදී දෙමාපියන් වශයෙන් ඔබේ ප්‍රතිචාර කුමක්ද,  දරුවන් බොහෝ දේවල් අත්හදා බැලීම් සිදු කරනු ලබයි.එහිදී ඔවුන්ට ධනාත්මක ප්‍රතිචාර ලබා දීම තුලින් ඔවුන් තුළ ආත්ම විශ්වාසය වර්ධනය කළ හැකිය.

උදා:- දරුවෙකු කාඩ්බෝඩ් යොදා ගනිමින් නිර්මාණයක් සිදු කරනු ලබයි.නමුත් අතරමගදී එය කඩා වැටේ.එහිදී දෙමාපියන් පවසන දේ දරුවාට බලපානු නැති යැයි සිදුවද යම් මට්ටමක බලපෑමක් සිදු කරනු ලබයි.


සංවර්ධන මනෝවිද්‍යාව තුළ දෙමාපියභාවය ළමා සංවර්ධනය කෙරෙහි බලපාන ආකරය සාකච්ජාවට භාජනය කර තිබේ. සැබෑ වශයෙන්ම දෙමාපිය ක්‍රියාකාරකම් පසුකාලීනව දරුවන්ගේ චර්‍යාවන් සඳහා බලපානු ලබන්නේදඑසේත් නැතිනම් ඒ සඳහා වෙනත් කාරණා බලපාන්නේ යැයිද නිශ්චිත වශයෙන් පෙන්වාදීම උගහටය. මන්දයත් සමාන පරිසර පද්ධතියක් තුළ වුවද දරුවන් විවිධාකාර චර්‍යාවන් දැක්විය හැකි බැවිනි.


උදා:- එකම නිවසක දරුවන් දෙදෙනෙක්. එයින් එක් දරුවෙක් අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරන ක්‍රියාශීලී දරුවෙකු බවටත් අනෙක් දරුවා ප්‍රචණ්ඩකාරී ලක්ෂණ වලින් යුක්ත චර්‍යා ලක්ෂණ පෙන්විය හැකිය.

එසේ නම් දෙමාපියභාවයම දරුවන්ගේ ඇතැම් චර්‍යා ලක්ෂණ වලට බලපාන්නේ ද ?

1960 වර්ෂයේ දෙමාපියභාවයේ විලාශයන් පිළිබඳව සහ දරුවන්ට එම දෙමාපියභාව විලාශයන් මගින් ඇති කරනු ලබන බලපෑම් පිළිබඳ පර්යේෂණ සිදුකර තිබේ. එහිදී  Diana Bumurind විසින් පෙර පාසල් වියෙහි පසුවන දරුවන් සියයක් යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදුකර තිබේ. මෙම පර්යේෂණය ස්වාභාවික නිරීකෂණයදෙමාපිය සම්මුඛ සාකච්ජා සහ වෙනත් පර්යේෂණ ක්‍රමවේදයන් යොදා ගනිමින් සිදු කර තිබේ. එහිදී Diana Bumurind විසින් දෙමාපියභාවයේ වැදගත් මානයන් සතරක් හඳුනාගෙන ඉදිරිපත් කර තිබේ.


1.      හික්මවීම පිළිබඳ දක්ෂතාවය  (Disciplinary strategies)

2.      උණුසුම සහ පෝෂණය (Warmth and nurturance)

3.      සන්නිවේදන රටා (Communication styles)

4.      පරිණතිය සහ පාලනය පිළිබඳ බලාපොරොත්තුව (Expectations of maturity and control)


මෙයට අමතරව ඇය විසින් එකිනෙකට වෙනස් දෙමාපියභාව විලාශයන් ත්‍රිත්වයක් පිළිබඳ ආකෘතියක් ඉදිරිපත් කර තිබේ. නමුත් පසුකාලීනව 1983 Maccoby & Martin විසින් එයට තවත් එක් දෙමාපියභාවයෙහි විලාශයක් එක් කොට දෙමාපියභාව විලාශයන් සතරක් දක්වා වර්ධනය කරන්නට විය. පහතින් දැක්වෙන්නේ එම දෙමාපියභාවයෙහි විලාශයන් සතරය.


1.      අධිකාරීමය දෙමාපියභාවය (Authoritarian Parenting) 

2.      ප්‍රජාතාන්ත්‍රික දෙමාපියභාවය (Authoritative Parenting)

3.      නිදහස් දෙමාපියභාවය (Permissive Parenting)

4.      ප්‍රතික්ෂේපිත දෙමාපියභාවය (Neglect/ uninvolved Parenting)



·        අධිකාරීමය දෙමාපියභාවය (Authoritarian Parenting)

ලක්ෂණ

  • අධික නීති රීති පැනවීම සහ විධාන දැකිය හැකි අතර යම් හෙයකින් එම නීතියක් දරුවෙකු අතින් බිද වැටුනද ඒ පිලිබඳ දරුවාට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා නොදෙයි.
  • දරුවාට කිසියම ප්‍රශ්ණයක් ඇති විට ඒ පිළිබඳ  සාකච්ජා නොකරන අතර දෙමාපියන් විසින් ඔවුන්ගේ තීරණ පමනක් ඉදිරිපත් කරනු ලබයි.
  • දරුවාට පැහැදිලි කිරීම් කිරීම සදහා අවස්ථාවක් ලබා නොදෙන අතර සන්නිවෙදනය බොහෝ දුරට අව ප්‍රමාණය.
  • අනුකූලතාවය පිළිබඳ දැඩි ඉහළ අපේක්ෂාවන් දැකිය හැකිය.
  • සෑම විටම දරුවන්ගෙන ඉහළ අපේක්ෂාවන් බලාපොරොත්තුවනු ලබයියම් හෙයකින් ඉන් එක් අපේක්ෂාවක් බිඳ වැටුනහොත් දරුවා දඬුවම් පමුනුවන්නා සේම ගනන් නොගන්න ආකාරයක් දැකිය හැකිය. (උදා; "මේකවත් මේ බූරුවාට කරන්න බෑ. බලනව අල්ලපු ගෙදර ළමය" යනාදී වදන් භාවිත කරනු ලබයි.)
  • අවශ්‍යතාවයන් පිළිබඳ අඩු අවධානයක් සහ දරුවා පිළිබඳ අඩු තක්සේරුවක් සිදු කරයි.

අධිකාරීමය දෙමාපියභාවය තුළ දරුවා


  • අධ්‍යාපන මට්ටම ඉහල තත්ත්වයක තිබෙනු දැකිය හැකිය මන්දයත් දෙමාපියන්ගේ අධික ඉහළ අපේක්ෂාවන් මේ සඳහ පාදක වී තිබේ.
  • ආක්‍රමණශීලී හා නොසන්සුන් ලක්ෂණ දැකිය හැකිය. (උදාබොහොමයක් දුරට මෙම දරුවන් නීති රීති වලට බියක් දක්වනු ලබන අතරම අනෙක් පිරිස් නීතියක් කඩනු දුටු විට ඒ පිලිබඳ ප්‍රශ්න කිරීමට ආරවුල් ඇති කර ගැනීමට පෙලඹිය හැකිය )
  • අඩු ආත්ම සම්මානනයක් මොවුන් තුලින් ප්‍රදර්ශනය වේ.

·        ප්‍රජාතාන්ත්‍රික දෙමාපියභාවය (Authoritative Parenting)

ලක්ෂණ
  • මෙය සමබර දෙමාපියභාවයක් ලෙස දැකිය හැකිය මන්දයත් දරුවා මූලික කර ගත් එළඹුමක් මෙහි දැකිය හැකිය.
  • දරුවාගේ අවශ්‍යතාවයන් කෙරෙහි අවධානය යොමු කරනු ලබන අතර දරුවන්ගේ අවශ්‍යතාවන් කුමක්දැයි නිවැරදිව අවබෝධ කර ගනු ලබයි.
  • නීතිරීති හා විධාන පනවනු ලැබුනද එය අධිකාරීමය ස්වරූපයක් ගනු නොලැබේ.
  • දඩුවම් කිරීමට ප්‍රථම ඒ පිළිබඳ විමසනු ලබන්නා සේම දඬුවම් දීමෙදී දෙමාපියන් මෙසේ දඬුවම් දෙනු ලබන්නේ ඇයි දැයි පැහැදිලි කිරීමක්ද ඉදිරිපත් කරයි.
  • නිදහස අගයනු ලැබුවද යම් යම් සීමාවන් පනවනු ලැබේ.
  • ඉහළ අපේක්ෂාවන් දරුවන් තුලින් දැඩිව බලාපොරොත්තු නොවුනද යම් තාක් දුරට බලාපොරොත්තුවේ. දරුවකු අතින් යම් අපේක්ෂාවක් බිඳ වැටුනු විට ඒ සඳහා දඬුවම් නොකරන අතර කරුණු පැහැදිලි කර දේ.

ප්‍රජාතාන්ත්‍රික දෙමාපියභාවය තුළ දරුවා

  • දෙමාපියන් සෑම විටම දරුවන්ට කරුණු පැහැදිලි කිරීම නිසා ඉහළ ආත්ම සම්මානනයක් දැකිය හැකිය.
  • එසේම වගකීම දැරිය හැකි අන්‍යයන්ට ඇහුම්කන් දීමේ චර්යාත්මක ලක්ෂණ දක්නට ලැබේ.
  • සාර්ථක අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වනු ලබයි.
  • තම චර්යාවන් ස්වයංව පාලනය කිරීමේ හැකියාවක් තිබේ.
  • අධ්‍යාපන මට්ටම හොඳ තත්ත්වයකින් පවත්වාගෙන යනු ලබයි.

·        නිදහස් දෙමාපියභාවය (Permissive Parenting)

ලක්ෂණ

  • කිසිවිටෙකත් අධිකාරීමය සහ ප්‍රජාතාන්ත්‍රික දෙමාපියන් සේ ඉහළ අපේක්ෂාවන් දක්නට නොලැබේ.
  • නීතිරීති හා සීමාවන් පැනවීමක් සිදුනොකරන අතර දැඩි ආදරය සෙනෙහස හා පිළිගැනීමක් දරුවන් කෙරෙහි දක්නට ලැබේ.
  • දරුවන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ දැඩි අවධානය යොමු කරන්නා සේම දරුවන්ට ඇති අතිශය ආදරය නිසාම දරුවන් ඉල්ලන සෑම දෙයම දීම දක්නට ලැබේ.
  • අධික නිදහසක් දරුවන්ට දෙනු ලබන අතර දඩුවම් දෙනු නොලබයි.
  • තීරණ ගැනීම දරුවන්ට අවශ්‍ය පරිදි සිදුවේ.

නිදහස් දෙමාපියභාවය තුළ දරුවා

  • හොඳ දෙයට සේම නරකටද ඇබ්බැහි වීමේ හැකියාවක් තිබේ.
  • අධ්‍යාපනය පිළිබඳ නොසැලකිල්ලක් දක්වනු ලබන අතර එම නිසාම අවම අධ්‍යාපන දක්ෂතා පෙන්නුම් කරයි.
  • විශේෂයෙන්ම ඉච්ජාභංගත්වය මොවුන්ට දරාගත නොහැකිය.
  • නිවැරදි තීරණ ගැනිය නොහැකි අතර ගනු ලබන තීරණ පරස්පර විරෝධීය.
  • සමාජ සම්මතයන්ට එරෙහිව නැගී සිටීමේ ලක්ෂණ සේම සමාජ සම්මතයන්ට එරෙහි චර්යාත්මක ලක්ෂණ දැකිය හැකිය.
  • ආක්‍රමණශීලීත්වයනොඉවසිලිවන්තකමආත්මාර්ථකාමී චර්යා ලක්ෂණ බොහොමයක් ප්‍රදර්ශනය වේ.

·        ප්‍රතික්ෂේපිත දෙමාපියභාවය (Neglect/ uninvolved Parenting)

ලක්ෂණ

  • දරුවාගේ ජීවිතය හා සම්බන්ධ නොවෙන අතර 'ඕන දෙයක් කර ගත්තාවේයන අදහසින් පසුවේ.
  • කිසිදු නීතිරීතිය පනවනු නොලබන අතර දරුවන් තුලින් කිසිදු අපේක්ෂාවක් සහ ඉල්ලීමක් නොමැත.
  • දරුවන් හොද දෙයක් කල විට ප්‍රතිචාර නොදක්වන අතරවැරැද්දක් කල විට විමසීමකින් තොරව දඩුවම් කරනු ලබන අතර නීති නොපැනුවාට සීමාවන් දමනු ලබයි. (උදා:උඹට මහ එවුන්ගේ දේවල් වැඩක් නෑ.... යනාදී වදන් දෙමාපියන් තුළින් ප්‍රකාශ වේ. )
  • දරුවන්ට චිත්තවේගීමය සහයෝගයක් නොදෙයි.නමුත් මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණනය කරනු ලබයි.(ආහාරනිවාස )
ප්‍රතික්ෂේපිත දෙමාපියභාවය තුළ දරුවා

  • ආදරය සෙනෙහස නියමාකාරයෙන් වෙන්කර හඳුනා ගැනීමේ අපහසුවක් සේම පෙරලා අනිත් පසට එය ප්‍රදර්ශනය කල නොහැකිය.
  • තැනකට උචිත අයුරින් හැඩගැසීමේ අපහසුතාවයක් මොවුන්ගේ චර්යාව තුල දක්නට ලැබේ.
  • ඇබ්බැහි වීම් දැකිය හැකිය.

එකිනෙකට වෙනස් දෙමාපියභාවයන් සතරක් පිළිබඳ ඉහතින් විස්තර කරනු ලැබීය. එහිදී ඇතැම් විටෙක පුද්ගලයෙකුට මෙසේ ප්‍රශ්නයක් මතු විය හැකිය. මේ ආකාරයේ වෙනස් දෙමාපියභාව රටාවන් ඇති වන්නේ කෙසේදයන්නයි.

බොහෝ හේතූන් නිසා දෙමාපියභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. විශේෂයෙන්ම සංස්කෘතියපෞරුෂ ලක්ෂණපවුලෙහි ව්‍යූහය හා ප්‍රමාණයමාපිය පසුබිම්සමාජ ආර්ථික තත්ත්වයඅධ්‍යාපන මට්ටම හා ආගම වැනි කරුණු දෙමාපියභාවයන් විවිධාකාර වීමට හේතු වී තිබේ. 

වර්තමානය වන විට දෙමාපියභාවය අභියෝගයකට ලක්වීමටද මෙම හේතු සේම කාර්යබහුලත්වයජනමාධ්‍යතනි දෙමාපියභාවයබිඳුනු පවුල්ආර්ථිකය හා ගෝලීකරණය වැනි සාධකද හේතු වී තිබේ. 


ඔබේ දෙමාපියභාවය තුළින් දරුවා අනාගතයේ කිනම් චර්යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන්නේ යැයිද යම්තාක් දුරට  ඔබට වැටහෙන්නට ඇතැයි අපේක්ෂා කරමි.


R.D.D.ANURADHA
B.A. PSYCHOLOGY (SP) (UG)
2ND YEAR
UNIVERSITY OF PERADENIYA
SRI LANKA

1 comment: