Saturday, September 8, 2012

ඉවාන් පැව්ලෝව්ගේ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය



ඉවාන් පැව්ලෝව් රුසියන් ජාතික මනෝවිද්‍යාඥයෙකි. ඔහු රුසියාවේ කුඩා ගමක 1849 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වන දින උපත ලැබීය. ඔහුගේ පියා පැවිදි පුද්ගලයෙක් විය. ඔහුගේ මුල් කාලීන අධ්‍යාපන කටයුතු දේවධර්මය ආශ්‍රිතව සිදුවුනු අතර නමුත් පසුව චාල්ස් ඩාවීන්ගේ The Origin of the Species නැමැති කෘතිය කියවීමෙන් පසුව දේවධර්මය පිළිබඳ ඉගෙනීම අතහැර ඒ වෙනුවට විද්‍යාව පිළිබඳ ඉගෙනීමට පටන් ගන්නා ලදි. ඒ අනුව ඔහු 1870 දී ශාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳ හෑදෑඅරීම ආරම්භ කරන ලදි.

එමෙන්ම ඔහු චර්යා මනෝවිද්‍යාවට විශාල සේවයක් ඉටුකරන ලද අතර එම නිසා ඔහුගේ මෙම පරීක්ෂණ නොබෙල් ත්‍යාග ලැබීමට තරම් හේතු විය.

ඉවාන් පැව්ලොව් මෙම පරීක්ෂණය ආරම්භ කරන ලද්දේ ආහාර පද්ධතියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන පරීක්ෂණයක් ලෙසටය. මෙහිදී ඔහු කෑමට සුදුසු හා නුසුදුසු ද්‍රව්‍ය ලබා දෙමින් විවිධ තත්ත්වයන් යටතේ සුනඛයෙකු වගුරන ඛේට ප්‍රමාණය පිළිබඳව සොයා බලනු ලැබීය. ඒ අනුව ඔහු ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා සුනඛයෙකුගේ ඛේට ග්‍රන්ථියේ කුඩා නළයක් සවි කරන්නට විය. කෙසේ උවද අවසානයේ මෙම පර්යේෂණය මනෝවිද්‍යාවේ සංධිස්ථානයක් වූ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය හෙලිදරව් කරගන්නා ලදි. මේ අනුව සම්භාව්‍ය ආරෝපණ න්‍යාය පිලිබඳව සංකල්පය ප්‍රථම වරට ඉදිරිපත්කරන ලද්දේ 1920 දීය. 

පැව්ලොව් මෙහිදී මස් බඳුනක් රැගෙන එන විට දී සුනඛයාගෙන් කෙල වැගිරීමක් සිදු නොවීය. ආරම්භයේදී සුනඛයා කෙළ වැගිරීම සිදු කළේ මස් කැබැල්ල කන විට පමණි. මුල් අවස්ථාවේ ආහාර (මස්) අනාරෝපිත උත්තේජකයක් විය. ඒ අනුව කෙළ වැගිරීම අනාරෝපිත ප්‍රතිචාරයක් විය. නැතහොත් ස්වභාවික ප්‍රතිචාරයකි. මෙය නිරීක්ෂණය කළ පැව්ලොව් සුනඛයාට මස් දීමට ප්‍රථම සීනුවක් නාද කළේය. ආහාර සමඟ සීනුව නාද කිරීමට පෙර සුනඛයා සීනුව ආශ්‍රිතව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. එහෙත් මස් සමඟ  නිරන්තරයෙන් සීනුව නාද වීමත් සමඟ සමඟ සුනඛයා සීනුවේ නාදයට කෙළ වැගිරීම සිදුකරනු ලැබීය. ඒ අනුව සුනඛයා, සීනුව හා ආහාර අතර යම් සම්බන්ධතාවයක් උගත්තේය. මේ අනුව සීනුවට කෙළ වැගිරීම ආරෝපිත ප්‍රතිචාරයක් වූ අතර සීනුව ආරෝපිත උත්තේජකය විය.

පැව්ලොව්ගේ  සොයා ගැනීම අතර මෙම මූලික ආරෝපණ ක්‍රමය ආලෝකය රූප වැනි උත්තේජක රාශියක් සමඟ යොදා ගත හැකි බව ඔහු අවධාරණය කළේය.




R.H.UDESHIKA HEWAGE
BA. PSYCHOLOGY (SP) (UG),
2ND YEAR ,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.

0 comments:

Post a Comment