Thursday, September 27, 2012

චර්යාව පිළිබඳ ජීවවිද්‍යාත්මක පැහැදිළි කිරීම



සෑම මනෝවිද්‍යාඥයෙක්ම චර්යාව කෙරෙහි විශේෂ අවධානයක් දක්වයි. චර්යාවන් අධ්‍යනය කිරීම, විශේෂිත චර්යාවන් හඳුනා ගැනීම, හා චර්යාවන් පාලනය කිරීම වැනිදෑ පිළිබඳව ඔවුහු අවධානය යොමු කරති. උදාහරණයක් ලෙස, සමාජ මනෝවිද්‍යාඥයෝ චර්යාවන් සඳහා බලපාන සමාජමය හේතු අධ්‍යනය කරති. පෞරුෂ මනෝවිද්‍යාඥයින් චර්යාව සඳහා බලපාන අවිඥානික ගැටුම් හඳුනා ගන්නා අතර සායනික මනෝවිද්‍යාඥයෝ චර්යාවන් පාලනය කිරීමට ප්‍රතිකාර කරති.

මනෝවිද්‍යාව නම් විෂය දිනෙන් දින තම විෂය පථය පුළුල් කරගනිමින් සිටින අතර වර්තමානයේදී මනෝවිද්‍යා විෂයට පරිපූර්ණ නිර්වචනයක් සැපයීම පවා දුෂ්කරය. නමුත් සරලව ගත් කල්හි "මනෝවිද්‍යාව යනු මානව ප්‍රජානනය, චර්යාව හා චිත්තවේග විද්‍යාත්මකව අධ්‍යනයය කරන විෂයකි" (Psychology is the scientific study of human cognition, behavior and emotion). එහිදී චර්යාවාදය (Behaviorism)  වැනි මනෝවිද්‍යාව ගුරුකුල චර්යාව පිළිබඳ පමණක්ම අධ්‍යනයය කිරීමට යොමුවී තිබීම තුළින් පෙනීයන්නේ චර්යාව (Behavior)  පිළිබඳ අධ්‍යනය කිරීම මනෝවිද්‍යාවේ ඉතා වැදගත් අංශයක් වූ බවයි.

මනෝවිද්‍යාවේ සංවර්ධනය සමග මනෝවිද්‍යාව හා ජීවවිද්‍යාව සංකලනය වීමෙන් ජීවමනෝවිද්‍යාව (Biopsychology) නම් විෂය ඇතිවීමේ ප්‍රතිඵලය ලෙස මානව චර්යාව අධ්‍යනය කිරීම වඩාත් පහසු කාර්යයක් විය. මිනිස් හා සත්ව චර්යාවන් සඳහා ජීවවිද්‍යාත්මක  පදනමක් තිබීම ඊට හේතුවයි.
චර්යාව පිළිබඳ පොදු පිළිගැනීම නම් අප සිදුකරන චර්යාවන් චේතාන්විත ^intentional&  වන බවයි. උදාහරණයක්  ලෙස,

ඔහු එය කළේ ඔහුට ඕන නිසයි

යනුවෙන් යම් පුද්ගලයෙකුගේ චර්යාව සම්බන්ධව අපි ව්‍යවහාර කරන්නෙමු. නමුත් සෑමවිටම අප සිදුකරන චර්යාවන් සඳහා එවැනි චේතාන්විත බවක් ඇතැයි උපකල්පනය කිරීමට හේතු සාධක දැකිය නොහැක. උදාහරණයක් ලෙස, ඔබ ඈනුම් ^yawning&  යවන විටදී එය චේතාන්විත වේද? ප්රතීක ක්‍රියාවක් ^reflex action&  සිදුවන විටදී ඔබ එය චේතාන්විතව සිදු කරන්නේද? නැත. එය එසේ නම් සෑම චර්යාවක්ම පාහේ චින්තනයේ ප්‍රතිඵලයක් නොවන බව පෙනීයයි.

සාමාන්‍ය පිළිගැනීම අනුව චර්යාව පිළිබඳ විවිධ පැහැදිළි කිරීම් පවතී. එසේම චර්යාව පිළිබඳ ජීවවිද්‍යාත්මක පැහැදිළි කිරීම ප්‍රවේශයන් හතරක් ඔස්සේ වර්ග කළහැක.

1. කායික විද්‍යාත්මක (Physiological)
2. ව්‍යක්ත ප්‍රවෘත්තික (Ontogenetic)
3. පරිණාමවාදී (Evolutionary)
4. කෘත්යාමක (Functional)


කායික විද්‍යාත්මක පැහැදිළි කිරීම (Physiological)



කායික විද්‍යාත්මක පැහැදිළි කිරීම අනුව මොළයේ හා ශරීරයේ අනෙකුත් පද්ධතීන්වල ක්‍රියාකාරීත්වය සමග චර්යාව ඍජුවම සම්බන්ධ වේ. එය සිදුවන්නේ ශරීරයේ ඇති යාන්ත්‍රික ක්‍රමයකටය. උදාහරණයක් ලෙස, ශරීරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් වන හෝමෝන ^enzyme&  මොළයේ ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපාන අතර එය මාංශපේශි සංකෝචනය ආදියෙන් සිදුවන චර්යාවන් පාලනය කරයි. සිගරට් බීමට ඇබ්බැහි වන්නේ ඇයි? සිගරට් බීමෙන් සිදුවන බලපෑමක් නම් මොළයට විශේෂ එන්සයිමයක් සැපයීම වැඩිවීමයි. මෙම එන්සයිමය වැඩිවූ විට ඩොපමින් ^dopamine&  නම් මොළයේ ඇති රසායනික ක්‍රියාකාරීත්වය ඉහල යයි. මොළයේ ඩොපමින් ක්‍රියාකාරීත්වය වැඩිවීම ඇබ්බැහිවීමේ චර්යාවන් ^addictive behavior& වර්ධනය වීමට බලපායි. එබැවින් සිගරට් බීමට ඇබ්බැහිවීමේ හේතුව වන්නේ සිගරට් බීම තුළින් සිදුවන මොළයේ ඩොපමින් ක්‍රියාකාරීත්වය ඉහළයාමයි. එවැනි චර්යාවන් අවබෝධ කරගැනීමට කායික විද්‍යාත්මක (Physiological) දැනුම අත්‍යයවශ්‍ය වේ.


ව්‍යක්ත ප්‍රවෘත්තික පැහැදිළි කිරීම (Ontogenetic)


ව්‍යක්ත ප්‍රවෘත්තික (Ontogenetic)  යන වචනය ග්‍රීක භාෂාවෙන් පැමිණි අතර එය "වීමට" (to be)  හෝ "උපත" (origin)  යන අර්ථය ගෙනදෙයි.එබැවින් ව්‍යක්ත ප්‍රවෘත්තික පැහැදිළි කිරීම වන්නේ චර්යාවක හෝ ශරීර ව්‍යුහයක  විකාශනය පිළිබඳවයි. එහිදී ජාන, ආහාර හා අත්දැකීම් යන ඒවායේ අන්තර්ක්‍රියාවන් චර්යාවට බලපාන ආකාරය සාකච්ඡා කෙරේ. උදාහරණයක් වශයෙන්, ආවේග පාලනය කිරීමේ හැකියාව ළදරු වයසේ සිට යෞවන වයස මුළුල්ලේද අනුක්‍රමයෙන් වර්ධනය වන්නේ මොළයේ ඉදිරිපස කොටස්වල ක්‍රමානුකූල පරිණතියත් සමගයි.


පරිණාමවාදී පැහැදිලි කිරීම (Evolutionary)


පරිණාමවාදී පැහැදිළි කිරීම තුළින් චර්යාවක් හෝ ශරීර ව්‍යුහයක් පරිණාමය වූ ආකාරය සාකච්ඡා කරයි. මිනිසුන් බිය වූ විට ලොමු ඩැහැගැනීම සිදුවෙයි. එහිදී විශේෂයෙන් අත්වල හා උරහිස්වල ලොම් ඍජුවීම සිදුවේ. නමුත් මිනිසුන්ට එවැනි ලොමු ඩැහැගැනීමක් ප්‍රයෝජන රහිත වන්නේ ඔවුන්ගේ අත්වල හා උරහිස්වල ලොම් ඉතා කෙටි බැවිනි. එහෙත් අනෙක් සතුන් ලොම් ඩැහැගත් විට ඔවුන් වඩාත් විශාල ලෙස දිස්වීමෙන් ඔවුන්ගේ ආරක්ෂාව සැලසේ. පරිණාමවාදී පැහැදිළි කිරීමට අනුව එවැනි ප්‍රයෝජන රහිත චර්යාවක් මිනිසා තුළ පවතින්නේ මානව පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙසයි.


කෘත්යාමක පැහැදිළි කිරීම (Functional)


කෘත්යාමක පැහැදිළි කිරීම වන්නේ යම් චර්යාවක හෝ ශරීර ව්‍යුහයක පරිණාමය ආකාරයට සිදුවූයේ ඇයි දැයි සාකච්ඡා කිරීමයි.වර්තමාන සමාජ ක්‍රමයට අවශ්‍යය නොවූවත් අතීතයේදී නොයෙක් හේතු මත මිනිසාට අත්‍යයවශ්‍ය වූ (වාසිදායක වූ) චර්යාවන් වර්තමානයේදීද මිනිසා තුළ පවතී. කෘත්යාමක පැහැදිළි කිරීම වන්නේ එම අවශ්‍යයතාවයන් (වාසීන්- advantages) හඳුනා ගැනීමයි. චර්යාව පිළිබඳ මෙම කෘත්යාමක පැහැදිළි කිරීම විවාදයට තුඩු දෙන්නෙකි. මන්ද මෙම පැහැදිළි කිරීම වන්නේ අපගේ බොහෝ චර්යාවන් ඉගෙන ගන්නා ^Learned& දේට වඩා ප්‍රවේණියෙන් ^Heritage& අපට උරුම වන බවයි. උදාහරණයක් වශයෙන්, ගැහැනුන්ට වඩා පිරිමින් බහු ලිංගික සේවනයට ^multiple sex&  කැමැත්තක් දැක්වීම පිරිමින් තුළ ප්‍රවේණියෙන් පවතින චර්යාවකි. එයට හේතුව නම් අතීතයේදී බහු ලිංගික සේවනයෙන් පිරිමියා කරුණු  දෙකක් බල්ලපොරොත්තු වීමයි. එනම් වර්ගයා බෝ කිරීම හා දරුවන් හදාවඩා ගැනීමයි. ගැහැනියට ගැබ් ගැනීම කළ හැක්කේ මාස නවයකට වරක්  පමණක් බැවින් වර්ගයා බෝ කිරීමේ ප්‍රතිශතය සීමිතය. බහුලිංගික සේවනයෙන් වර්ගයා බෝ කිරීමේ ප්‍රතිශතය වැඩි වේ. එසේම ගැබ්බර කාලය තුළ ගැහැනියට ආරක්ෂාව සපයීම හා දරුවන් හදාවඩා ගැනීම ඒකලිංගික සේවනය තුළ පිරිමියාට අපහසු වන්නේ ඔහු විසින් ආහාර සෙවිය යුතු බැවිනි. නමුත් බහු ලිංගික සේවනය තුළ පිරිමියාගේ සහයෝගයක් නොමැතිව එකී ගැහැනුන්ට අන්‍යොන්‍ය වශයෙන් ආරක්ෂාව සළසා ගැනීම හා දරුවන් හදාවඩා ගැනීම කළහැකි බැවින් පිරිමියාට ආහාර සෙවීම පහසුවෙන් කළ හැකිය.

මෙලෙස චර්යාවේ ජීවවිද්‍යාත්මක පදනම දැනගැනීම තුළින් අපට අපගේ චර්යාවන් වඩාත් හොඳින් අවබෝධ කරගත හැක. ඉහත කී ප්‍රවේශයන් තුළින් ජීවවිද්‍යාත්මක යාන්ත්‍රනය මිනිස් චර්යාවන් ඇති කරවන ආකාරය, එකී චර්යාවන් පුද්ගලයා තුළ හටගත් ආකාරය, එකී චර්යාවන් මිනිසා තුළ පරිණාමය වීම හා එවන් චර්යාවන්ගේ ප්‍රතිඵලය වැනි දේ අවබෝධ කරගැනීමට වඩාත් පහසු වේ.


REV. KALALPITIYE SUMANASIRI
B.A. PSYCHOLOGY (SP) (UN)
2ND YEAR
UNIVERSITY OF PERADENIYA

3 comments: