Tuesday, July 31, 2012

Facebook ඇබ්බැහි වීම. (FAD)


Sms යුගය නිමා විය. Facebook යුගය උදා විය. 

අද වන විට facebook යනු ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් සමාජ සම්බන්ධතා ජාලයකි. වයස් භේදයකින් තොරව පාසල් ළමුන්, තරුණ තරුණියන්, ගුරුවර ගුරුවරියන්, ව්‍යපාරිකයන්, කලා ශිල්පීන්, විවිධ ආගම් වලට අයත් පූජකවරුන් මෙන්ම වයස 60, 70 ඉක්මවූ මහල්ලන් පවා අද facebook account  එකක හිමි කරුවන් වේ.





Facebook යනු මිතුරු, ව්‍යාපාරික, පවුල් සබඳතා පවත්වාගෙන යාමේ අරමුණෙන් ආරම්භ වුණු අද වන විට ලොව පවතින විශාලතම සමාජ සබඳතා ජාල වෙබ් අඩවියයි. 2004 වසරේ හාවඩ් සිසුවකු වන Mark Zuckerberg විසින් facebook සමාජ සම්බන්ධතා ජාලය ආරම්භ කරන අතර මෙහි මුල් කාලීන නම වූයේ thefacebook යන්නයි. මුල් කාලීනව හාවඩ් සරසවිය සහ තවත් සරසවි කිහිපයක පමණක් මෙම සමාජ සබඳතා ජාලය භාවිත කළද ඉමහත් සාර්ථකත්වය නිසා පසුව facebook යනුවෙන් නම වෙනස් කරමින් අන්තර්ජාතික තලයට මුදා හැරුණි. 2012 වසර වන විට ලොව පුරා මිලියන 900 ට අධික පිරිසක් facebook හා සම්බන්ධව සිටියි. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ facebook පරිහරණය කරන්නන් සංඛ්‍යාව  1 293 500 බව www.socialbakers.com වෙබ් අඩවිය පවසයි.



වයස අනුව ශ්‍රී ලංකාව තුළ facebook ව්‍යාප්තිය (www.socialbakers.com)





ශ්‍රී ලංකාව තුළ facebook ව්‍යාප්තියේ පිරිමි ගැහැණු අනුපාතය (www.socialbakers.com)





විවාදයකින් තොරව facebook යනු මෙම දශකයේ නැමියාවයි, රැල්ලයි‍. නමුත් ගැටළුව වන්නේ අපි එහි සීමාවන් ඉක්මවා ගියාද යන්නයි. Facebook ඇබ්බැහි වීම යනු සත්‍යක්ද?

ඇබ්බැහි වීමක් යනු යම් කිසි ප්‍රපංචයක් කෙරෙහි අපගේ කායික සහ මානසික හැඟීම් පාලනයෙන් තොර වීමයි. ඇබ්බැහි වීමක් නිරන්තරයෙන් අපට හානිකර ලෙස බලපානු ලබයි. දුම්වැටි ,මත්ද්‍රව්‍ය වැනි දෑ කෙරෙහි මිනිසුන් ඉක්මනින් ඇබ්බැහි වන බව අප කවුරුත් දන්නා කරුණකි. එනමුත් 21 වන සියවසේ මෙම දශකයේ වැඩිම ඇබ්බැහි වීම දක්නට ලැබෙන්නෙ facebook සමාජ සම්බන්ධතා ජාලය කෙරෙහි බව ලොව පුරා සිදු කරන ලද විවිධ අධ්‍යනයන් පෙන්වා දෙයි.

ඇමරිකානු මනෝ විද්‍යාඥයින් facebook ඇබ්බැහි වීම පිළිබඳව අදහස් පළ කරයි. ඔවුන් එය facebook අබ්බැහි වීමේ අක්‍රමතාව (facebook addiction disorder [FAD])  ලෙස නම් කිරීමම එය කෙතරම් මිනිසා කෙරෙහි බලපා ඇත්දැයි යන්නට මනා නිදසුනකි. එක්තරා අධ්‍යනයකින් පෙන්නුම් කරනුයේ facebook අත්හැරීම මත් පැන්, දුම්වැටි අත්හැරීමට වඩා අසීරු කාරණයක් යන්නයි. facebook ඇබ්බැහි වීම අර්ථ නිරූපනය කරන්නෙ අප facebook සමග ගත කරන කාලය සම්බන්ධ කර ගනිමිනි. එය අපේ එදිනෙදා ජීවිතයේ සාමන්‍ය දේවල් වලට අහිතකර ලෙස බලපෑම් කරනවා නම් එය facebook අබ්බැහි වීමේ රෝග තත්වයයි. 








  facebook ඇබ්බැහි වීමේ ලක්ෂණ.

1.උදෑසන අවදිවීමෙන් පසු ඔබ කරන පළමු කර්ය facebook log වීම නම්,

2.ඔබ සිතා ගත් වේලාවටත් වඩා කාලයක් facebook online ඉන්නවා නම්,

3.ඔබ facebook online සිටින කාලය වැඩි යැයි ඔබේ මිතුරන් දොස් කියනවා නම්,

4.fb ක්‍රියා කාරකම් ඔබේ පෞද්ගලික ජීවිතයට බලපැම් කරනවා නම්,

5.ඔබ fb online සිටින කාලය වැඩි යැයි ඔබේ මිතුරන් පැවසූ විට ඔබ තරහ ගන්නවා නම්,

6.කම්පියුටරයේ online වැඩ නිසා ඔබ නින්ද සහ කෑම නොසලකා හරිනවා නම්,

7.ඔබ අන්තර්ජාලයේ වෙනත් වැඩක සිටින විටත් online chating ගැන නිතර නිතර අවධානය යොමු   කරනවා නම්

8.සැබෑ ජීවිතයේ මිතුරන්ට වඩා facebook මිතුරුකම් නඩත්තු කරනවා නම්,

9.ඔබට log out වීමට අවශ්‍ය උවත් තව සුලු වෙලාවක් ‍රැදී සිටීමට හිත කියනවා නම් 

10. කුමන හෝ දුෂ්කරතාවක් නිසා facebook භාවිතය මගහැරුණු විට කාංසාව, කණගා‍ටුව ඇතිවෙනවානම්, එවන් අවස්ථාවල facebook ගැන කතාකිරීමට සහ තමන් නැති අතර කුමන දෑ post කරන්න ඇත්දැයි සිතනවානම්

11. සැබෑ ජීවිතයේදී අළුත් මිතුරන් හමුවී වෙන් වෙන මොහොතේ "facebook එකේදි කතා කරමු" "fb එකේදි meet වෙමු" යනුවෙන් පවසනවා නම්  


මෙම ලක්ෂණයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔබ ඔබ තුල දකිනවා නම් ඔබද  [ (FAD) Facebook Addiction Disorder] face book ඇබ්බැහි වීම තත්වයට ගොදුරුව ඇත.

එසේ නම් facebook ඔබගේ සාමන්‍ය කටයුතු, පාසල් වැඩ, කාර්යාලයේ වැඩ, සමාජ සබඳතා ආදියට බධා ඇති කරයි. එම තත්වයෙන් අත්මිදීම නිසැකවම කළ යුත්තකි.




ඉදිරි ලිපියකින් [FAD] facebook Addiction Disorder  තත්වයෙන් මීදීමේ මාර්ග සාකච්ඡා කරමු.

                                                                                   
                                                                                            
              

                                                          
S. A. SUCHINTHANA DASUN
B.A. PSYCHOLOGY (SP) (UG)
2ND YEAR
UNIVERSITY OF PERADENIYA
SRI LANKA



2 comments:

  1. මෙයට අනුව මා ද FAD ආසාදිතයෙකි!
    :P

    ReplyDelete
  2. ඔබ පමනක් නොවේ බොහොමයක් පුද්ගලයින් එසේමයි

    ReplyDelete