මතකය යනු ජීවියෙකු මුහුණ දුන් පැරණි අත්දැකීමක් නැවත වතාවකදී හඳුනා ගත හැකි පරිදි ගබඩා කොට තබා ගත හැකි මානසික ධාරාවයි.
මතකය එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වේ. බොහෝ විද්වතුන්ගේ මතයන්ට අනුව ශක්තිමත් මතකයක් තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයගේ සෞඛ්‍ය තත්ත්වය සහ මොළයේ ජෛවත්වය (ඕජෝ ගුණය) අනුවයි.
යම් විභාගයකට මුහුණ දීමට නියමිත ශිෂ්‍යයෙකු වුවද, යම් රැකියාවක නියුතු පුද්ගලයෙක් වුවද සෑම විටම ඔවුන්ගේ මතකය තියුණු ලෙස තබා ගැනීම වැදගත් වේ. අද්‍යතනය වන විට මතකය තියුණු සහ දියුණු කරන විවිධ උපක්‍රමයන් මනෝවිද්‍යාත්මක පර්යේෂණ තුළින් හඳුනා ගෙන තිබේ. ඒවායින් සමහරක් පහත දැක්වේ.
1. ව්‍යායාම වල යෙදීමට සහ නිදා ගැනීමට ලෝභ නොවීම.
ශාරීරික ව්‍යායාම කිරීම මගින් නිරන්තරයෙන්ම මොළයට ඔක්සිජන් සැපයෙන අතර මෙයින් මතකය අඩු කිරීම සඳහා බලපාන අබාධයන් අවම කරයි.
උදාහරණ :- දියවැඩියාව හා කන්තුකවාහිනී රෝගය
ව්‍යායාම තුළින් මොළයේ සෛල ආරක්ෂා කිරීම සිදු කරනු ලබයි.
එපමණක් නොව නින්ද මතකය දියුණු කිරීම කෙරෙහි ප්‍රභල බලපෑමක් සිදු කරනු ලබයි. පුද්ගලයෙකුට නිදා ගැනීමේ දුෂ්කරතාවක් තිබේ නම් ඔහුට හෝ ඇයට නිර්මාණාත්මක හැකියාව, ගැටළු විසඳීමේ හැකියාව, තීක්ෂණ චින්තන හැකියාව යනාදිය දුෂ්කර වේ. එබැවින් ව්‍යායාම සහ නින්ද මතකයේ තියුණු බව කෙරෙහි සුවිශේෂී බලපෑමක් සිදු කරනු ලබයි.
එපමණක් නොව නින්ද මතකය දියුණු කිරීම කෙරෙහි ප්‍රභල බලපෑමක් සිදු කරනු ලබයි. පුද්ගලයෙකුට නිදා ගැනීමේ දුෂ්කරතාවක් තිබේ නම් ඔහුට හෝ ඇයට නිර්මාණාත්මක හැකියාව, ගැටළු විසඳීමේ හැකියාව, තීක්ෂණ චින්තන හැකියාව යනාදිය දුෂ්කර වේ. එබැවින් ව්‍යායාම සහ නින්ද මතකයේ තියුණු බව කෙරෙහි සුවිශේෂී බලපෑමක් සිදු කරනු ලබයි.
2. මිතුරන් හා කාලය ගත කිරීම සහ විනෝද වීම.
බොහෝ දෙනා මතකය දියුණු කිරීම සඳහා මිතුරු සමාගම් හැරදමා, උත්සව අවස්ථා මගහරිමින් නොනවත්වා කට පාඩම් කිරීම, නැවත නැවත එකම පොත කියවීම, ප්‍රහේළිකා පිරවීම ආදී අපහසු බරපතළ ක්‍රියාවන් වල නිරත වෙයි. එනමුත් ඔබ දන්නවාද මිතුරු ඇසුර සහ විනෝදජනක කටයුතු වල නියැලීම සැලකිය යුතු ප්‍රජානන වාසියක් මතක තබා ගැනීම සඳහා ඔබට අත් කර දෙන බව? එය පැහැදිළි සත්‍යකි.
මිනිසා යනු සමාජ සත්ත්වයෙකි. මේ නිසා නිරන්තරයෙන් අවට සමාජය සමග මිනිසා ගනුදෙනු කරනු ලබයි. එය මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය කරුණකි. අර්ථාන්විත ශක්තිමත් සබඳතා මිනිසාගේ චිත්තවේගී යහපැවැත්මට හේතු වන අතර එපමණක් නොව මොළයේ නිරවුල් ක්‍රියාකාරීත්වය කෙරෙහිද එය පැහැදිලිව බලපානු ලබයි. එවන් තත්ත්වයක් තුළ ඉක්මනින් සහ දිගුකාලීනව මතක තබා ගැනීම කළ හැකි බව මනෝවිද්‍යාත්මක පර්යේෂණ පෙන්වා දෙයි.
3. සිනාසීම
සිනාසීමද ඉතා උසස් ඖෂධයකි. එය මොළයට පමණක් නොව මුළු ශරීරයටම සුවිශේෂී බලපෑමක් සිදු කරයි. උපහාසාත්මක වීඩියෝ දර්ශන විහිළු තහළු ආදිය මගින් ඉගෙනුමට සහ නිර්මාණාත්මකභාවයට අදාළ ක්‍රියාකාරීත්වයන් ඉහළ යන බව සනාථව ඇත. එමනිසා මතක තබා ගැනීම කෙරෙහි සිනහව ඉතා වැදගත් සාධකයකි.
4. ක්ලමථකාරී තත්ත්වයන්ගෙන් (Stress) හැකිතාක් ඉවත්ව ජීවත් වීම.
ක්ලමථය යනු මොළයේ පරම හතුරාය. ක්ලමථය මොළයේ සෛල විනාශ කරන අතර හිපොකැම්පසයටද නිරන්තරයෙන් හානි පමුණවයි. මෙබැවින් පුද්ගලයකුගේ මතකය තියුණු තත්ත්වයෙන් තබා ගැනීමට නිරන්තරයෙන් ක්ලමථ තත්ත්වයෙන් බැහැරව සිටිය යුතුය. ඒ සඳහා භාවනා ක්‍රම ඉතා යෝග්‍ය වේ.
5. මොළය වර්ධනය වන ආහාර සහ පානයන් ලබා ගැනීම.
6. Bubble Gum සහ මතකය
Bubble Gum සහ මතකය අතරද මනා සබඳතාවක් පවතියි. එනම් යම් පුද්ගලයෙකු පාඩම් කිරීමට ප්‍රථම විනාඩි 4-5 ක් Bubble Gum හැපීමෙන් මතක ක්‍රියාවලිය තියුණු වන බවයි. මෙහි ජීව විද්‍යාත්මක සත්‍ය නම් Bubble Gum සැපීමේදී රුධිර සංසරණ ක්‍රියාවලියේ වේගය වැඩි වන අතර එවිට මතක ක්‍රියාවලිය තීව්‍ර වීමයි.
7. සීනි සහිත ආහාර ගැනීම
සීනි සහිත ආහාර ගැනීමද මතක ශක්තිය වැඩි කරනු ලබන තවත් ක්‍රමයකි. සීනි සහිත ආහාර ලබා ගත් විට එය ග්ලූකෝස් බවට පරිවර්තනය වී රුධිරයට එකතු වේ. එවිට මතක තබා ගැනීමේ වේගය වැඩි කරයි.
මේ ආදී ලෙස මතක තබා ගැනීම උදෙසා නොනවත්වා කට පාඩම් කිරීම පමණක් නොසෑහෙන බව පැහැදිළි වේ. යහපත් මානසික සහ කායික පැවැත්මක් තිබීම මතකය වර්ධනය සඳහා අනිවාර්ය සාධකයකි.
FATHIMA SUMAIYA,
BA.PSYCHOLOGY(SP) (UG),
2ND YEAR,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.
0 comments:
Post a Comment