Friday, August 3, 2012

මතකය

                      
                                     
මතකය යනු ජීවියෙකු මුහුණ දුන් පැරණි අත්දැකීමක් නැවත වතාවකදී හඳුනා ගත හැකි පරිදි ගබඩා කොට තබා ගත හැකි මානසික ධාරාවයි.

මතකය එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වේ. බොහෝ විද්වතුන්ගේ මතයන්ට අනුව ශක්තිමත් මතකයක් තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයගේ සෞඛ්‍ය තත්ත්වය සහ මොළයේ ජෛවත්වය (ඕජෝ ගුණය) අනුවයි.
යම් විභාගයකට මුහුණ දීමට නියමිත ශිෂ්‍යයෙකු වුවද, යම් ‍රැකියාවක නියුතු පුද්ගලයෙක් වුවද සෑම විටම ඔවුන්ගේ මතකය තියුණු ලෙස තබා ගැනීම වැදගත් වේ. අද්‍යතනය වන විට මතකය තියුණු සහ දියුණු කරන විවිධ උපක්‍රමයන් මනෝවිද්‍යාත්මක පර්යේෂණ තුළින් හඳුනා ගෙන තිබේ. ඒවායින් සමහරක් පහත දැක්වේ.


           1.     ව්‍යායාම වල යෙදීමට සහ නිදා ගැනීමට ලෝභ නොවීම.

ශාරීරික ව්‍යායාම කිරීම මගින් නිරන්තරයෙන්ම මොළයට ඔක්සිජන් සැපයෙන අතර මෙයින් මතකය අඩු කිරීම සඳහා බලපාන අබාධයන් අවම කරයි.
 උදාහරණ :- දියවැඩියාව හා කන්තුකවාහිනී රෝගය

ව්‍යායාම තුළින් මොළයේ සෛල ආරක්ෂා කිරීම සිදු කරනු ලබයි. 

එපමණක් නොව නින්ද මතකය දියුණු කිරීම කෙරෙහි ප්‍රභල බලපෑමක් සිදු කරනු ලබයි. පුද්ගලයෙකුට නිදා ගැනීමේ දුෂ්කරතාවක් තිබේ නම් ඔහුට හෝ ඇයට නිර්මාණාත්මක හැකියාව, ගැටළු විසඳීමේ හැකියාව, තීක්ෂණ චින්තන හැකියාව යනාදිය දුෂ්කර වේ. එබැවින් ව්‍යායාම සහ නින්ද මතකයේ තියුණු බව කෙරෙහි සුවිශේෂී බලපෑමක් සිදු කරනු ලබයි.


            2.     මිතුරන් හා කාලය ගත කිරීම සහ විනෝද වීම.

බොහෝ දෙනා මතකය දියුණු කිරීම සඳහා මිතුරු සමාගම් හැරදමා, උත්සව අවස්ථා මගහරිමින් නොනවත්වා කට පාඩම් කිරීම, නැවත නැවත එකම පොත කියවීම, ප්‍රහේළිකා පිරවීම ආදී අපහසු බරපතළ ක්‍රියාවන් වල නිරත වෙයි. එනමුත් ඔබ දන්නවාද මිතුරු ඇසුර සහ විනෝදජනක කටයුතු වල නියැලීම සැලකිය යුතු ප්‍රජානන වාසියක් මතක තබා ගැනීම සඳහා ඔබට අත් කර දෙන බව? එය පැහැදිළි සත්‍යකි.

මිනිසා යනු සමාජ සත්ත්වයෙකි. මේ නිසා නිරන්තරයෙන් අවට සමාජය සමග මිනිසා ගනුදෙනු කරනු ලබයි. එය මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය කරුණකි. අර්ථාන්විත ශක්තිමත් සබඳතා මිනිසාගේ චිත්තවේගී යහපැවැත්මට හේතු වන අතර එපමණක් නොව මොළයේ නිරවුල් ක්‍රියාකාරීත්වය කෙරෙහිද එය පැහැදිලිව බලපානු ලබයි. එවන් තත්ත්වයක් තුළ ඉක්මනින් සහ දිගුකාලීනව මතක තබා ගැනීම කළ හැකි බව මනෝවිද්‍යාත්මක  පර්යේෂණ පෙන්වා දෙයි. 


            3.     සිනාසීම

සිනාසීමද ඉතා උසස් ඖෂධයකි. එය මොළයට පමණක් නොව මුළු ශරීරයටම සුවිශේෂී බලපෑමක් සිදු කරයි. උපහාසාත්මක වීඩියෝ දර්ශන විහිළු තහළු ආදිය මගින් ඉගෙනුමට සහ නිර්මාණාත්මකභාවයට අදාළ ක්‍රියාකාරීත්වයන් ඉහළ යන බව සනාථව ඇත. එමනිසා මතක තබා ගැනීම කෙරෙහි සිනහව ඉතා වැදගත් සාධකයකි.


            4.     ක්ලමථකාරී තත්ත්වයන්ගෙන් (Stress) හැකිතාක් ඉවත්ව ජීවත් වීම.

ක්ලමථය යනු මොළයේ පරම හතුරාය. ක්ලමථය මොළයේ සෛල විනාශ කරන අතර හිපොකැම්පසයටද නිරන්තරයෙන් හානි පමුණවයි. මෙබැවින් පුද්ගලයකුගේ මතකය තියුණු තත්ත්වයෙන් තබා ගැනීමට නිරන්තරයෙන් ක්ලමථ තත්ත්වයෙන්  බැහැරව සිටිය යුතුය. ඒ සඳහා භාවනා ක්‍රම ඉතා යෝග්‍ය වේ.


           5.     මොළය වර්ධනය වන ආහාර සහ පානයන් ලබා ගැනීම.





එළවළු  හා පළතුරු වැඩියෙන් ආහාරයට ගැනීම.රට කොට්ටන්, පැණි කොමඩු, නිවිති, ගෝවා ආදිය මතකය කෙරෙහි යහපත් බලපෑම් කරනු ලබන ආහාර වේ. Green tea පානය කිරීමෙන් මතකය උසස් වන අතර මොළයේ ශක්‍යතාව ක්ෂය වීම අඩු කරයි.  වයින් සහ මිදි යුෂ පානය කිරීම මතකය වර්ධනය වීම කෙරෙහි බලපානු ලබන බව පර්යේෂණයන් සනාථ කරනු ලබයි. මෙමගින් මතකය මෙන්ම ප්‍රජානන ශක්තියද උසස් වන බව සොයා ගෙන ඇත.
    

        6. Bubble Gum සහ මතකය

Bubble Gum සහ මතකය අතරද මනා සබඳතාවක් පවතියි. එනම් යම් පුද්ගලයෙකු පාඩම් කිරීමට ප්‍රථම විනාඩි 4-5 ක් Bubble Gum  හැපීමෙන් මතක ක්‍රියාවලිය තියුණු වන බවයි. මෙහි ජීව විද්‍යාත්මක සත්‍ය නම් Bubble Gum සැපීමේදී රුධිර සංසරණ ක්‍රියාවලියේ වේගය වැඩි වන අතර එවිට මතක ක්‍රියාවලිය තීව්‍ර වීමයි.


        7. සීනි සහිත ආහාර ගැනීම

සීනි සහිත ආහාර ගැනීමද මතක ශක්තිය වැඩි කරනු ලබන තවත් ක්‍රමයකි. සීනි සහිත ආහාර ලබා ගත් විට එය ග්ලූකෝස් බවට පරිවර්තනය වී රුධිරයට එකතු වේ. එවිට මතක තබා ගැනීමේ වේගය වැඩි කරයි.

මේ ආදී ලෙස මතක තබා ගැනීම උදෙසා නොනවත්වා කට පාඩම් කිරීම පමණක් නොසෑහෙන බව පැහැදිළි වේ. යහපත් මානසික සහ කායික පැවැත්මක් තිබීම මතකය වර්ධනය සඳහා අනිවාර්ය සාධකයකි.

                                                                                                                          
FATHIMA SUMAIYA,
BA.PSYCHOLOGY(SP) (UG),
2ND YEAR,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.

                                                                                                                        
                                                                                                                                            

Thursday, August 2, 2012

පරිණාමවාදය සහ මනෝවිද්‍යාව



දෙවියන් වහන්සේ විසින් මිනිසා මැවීම පිළිබඳ හාස්කම ගැන පුරාවෘත්තයන් ඈත අතීතයේ සිටම නොයෙකුත් මිනිසුන් අතර පැවතුණි. එහෙත් පසුකාලින මිනිසුන් ක්‍රමයෙන් සිතන්නට පෙළඹීමත් සමඟම ඔවුන් තුළින් විවිධ සොයා ගැනීම්, නව මතවාද, ආකල්ප ගොඩනැගෙන්නට විය. ජීවයේ ප්‍රභවය පිළිබඳව එතෙක් පැවති පුරාවෘත්ත සියල්ල එකිනෙකට බිඳ හෙලමින් එය පිළිබඳවද නව මත ඉදිරිපත් කරන්නට විය. මිනිසාගේ පරිසරයේ පරිණාමය පිළිබඳ අදහස විද්‍යාඥයින්ගේ චින්තනයට අවධානය යොමු කලයුතු කරුණක් සේ පෙනීයන්නට විය. අජීව හා සජීව ලෝකවල සංවර්ධන නියමයන් පදනම් කොටගෙන ගොඩනැගී තිබුණු සියළුම සාධක සංකේන්ද්‍රණය කොට ඒකායන ක්‍රමයක් ඇති කීරීමෙහිලා සමත් ශ්‍රේෂ්ඨතම ස්වභාවධරම විද්‍යාඥයෙක් 1809 වර්ෂයේදී බිහිවිය.



චාල්ස් රොබට් ඩාවින් 1809 පෙබරවාරි මස 12 වන දින් එංගලනතයේ ෂ් රූස්බරි නගරයේ උපත ලැබීය.  ඔහුගේ පියා වූයේ වෛද්‍ය රොබට් ඩාවින් සහ මව සුසෑනා ඩාවින් විය. "ඔහු පුතා හැදීම ගැන ඉතාමත් තද නීති දැම්මා.චාල්ස් ඒ ටවුමේ ග්‍රැමර් පාසැලේ ශිෂ්‍යයෙක්. ඔහුගේ ප්‍රධානාචාර්යවරයා ඔහුව හැඳින්වූවේ හැමතිස්සේම රට පුරා දුවන, අනන් මනන් වැඩ කරන,  කිසිම කිසි පලක් ඇති වැඩක් නොකරන පිස්සු කොල්ලෙක් හැටියටයි. 'පලක් ඇති' කියලා ඔහු හැඳින්වූවේ ග්‍රීක් හා ලතින් ක්‍රියා පද කට පාඩම් කරන එකටයි. 'රට පුරා දුවන' කියලා කිව්වේ වෙනත් කටයුතුත් අතර, හැම ජාතියේම කුරුමිණියෝ එකතු කරන එකටයි."(සොෆීගේ ලෝකය,පි.476). 1831 වර්ෂයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලද ඔහු 1831 වර්ෂයේ දකුණු ඇමෙරිකාවේ බලා පිටත්වන්නට වීම ඔහුගේ ජීවිතේ වැදගත් සංධිස්ථානයක් බවට පත් විය.

කෘත්‍රිම වරණ මූලධර්මය ඉදිරිපත් කිරීම චාල්ස් ඩාවින්ගේ ශ්‍රේෂ්ඨතම සේවය වශයෙන් හැඳින්විය හැකිය. මෙම මූලධර්මය උපයෝගීකර ගනිමින් ප්‍රධාන වශයෙන් මිනිසාගේ බලපෑම් යටතේ සතුන් හා පැලෑටි වර්ග වෙනස් කල හැකිය.ප්‍රකෘතියෙහි සත්ත්ව  හා පැලෑටි විශේෂ පරිවර්තනය වන බවත්, එය නොකැඩෙන සේ වෙනස්වීම සහ ආවේණික සමඟ බැඳී ඇති බවත්, පෙන්වන ස්වභාවික වරණය ඩාවින් විසින් සොයා ගැනීම වඩාත් ශ්‍රේෂ්ඨ සේවයක් විය.

විශේෂයෙන්ම ස්ථාවරතාවය පිළිබඳ ඩාවින්ට පෙර බලපෑ මතය ඔහුගේ පරිණාමවාදී න්‍යාය නිසා සුන්වී ගිය අතර මුළු මහත් ජෛව විද්‍යාව විප්ලවවාදී ලෙස වෙනස් කළ න්‍යාය ඩාවීනියානුවාදය විය. ප්‍රකෘතිවාදය පිළිබඳවූ සියළු ක්ෂේත්‍රයන්ට කා වැදුණු පරිණාමවාදී චින්තනය දැඩි ලෙස තහවුරු විය. ඩාවින්ගේ සමකාලීනයෝ ඔහුගේ න්‍යාය ආගම්වාදීන් කෙරෙහි ඔහු විසින් එල්ල කරන ලද දැඩි ප්‍රහාරයක් ලෙස සැලකීය. මාක්ස් හා එංගල්ස් වැන්නවුන් ඩාවින්ගේ චින්තනය සාධ්‍යතාවාදයට මාරක ප්‍රහාරයක් එල්ල කල නිසාත්, ජීවමය ප්‍රකෘතියෙහි අර්ථාන්විතභාවය ගැන කියැවෙන විඥානවාදය දැඩි ලෙස සොලවා දැමූ නිසාත් එය උසස් අන්දමින් අගය කරනු ලැබීය. ස්වභාවිකවරණය පරිණාමවාදී සාධකයක් ලෙස ඩාවින් ගණන් ගැනුයේ මිනිසාගේ වර්ධනයේ ඉතා මුල් අවධිවල පමණක් එය බලපෑ එකක් ලෙසය.



ඩාවින්ගේ කෘතීන් ගැඹුරු ලෙස ද්‍රව්‍යවාදීය. සත්ත්ව ලෝකයේ  ස්වභාවික ලෙස සම්භවය වී යැයි පෙන්වන ඔහුගේ ඉගැන්වීම් ආගමට විරුද්ධව කරන සටනේ දී තියුණු අවි විය. ඩාවින් විසින් රචිත "මිනිසාගේ සම්භවය සහ ලිංගික වරණය" (The Origin of Species by Means of Natural Selection ) කෘතිය මිනිසා සත්ත්ව ලෝකයෙන් පැවත එන බව ඔප්පුකරන ඉතා වැදගත් කෘතියක ලෙස දැක්විය හැකිය. ඩාවින් ස්වභාවිකවරණවාදය නිරීක්ෂණ දෙකක් ඇසුරෙන් හා උපකල්පන තුනක් ඇසුරෙන් මෙසේ දක්වයි.


නිරීක්ෂණ

1.      අධිජනනතාවය (over production)

2.      ප්‍රභේදනය (variation)

උපකල්පන

1.      ජීවන සටන (struggle for existence)

2.      ස්වභාවිකරණය (natural selection)

3.      උචි‍තෝන්නතිය (survival of the fittest)

 වශයෙන් දැක්විය හැකිය.




චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය මනෝවිද්‍යාවේ වර්ධනයට දායක වූ අයුරු


ස්වභාවිකවාදයේ ශාස්ත්‍රීය අඩිතාලම ඩාවින් විසින් පිහිටවනු ලැබූ අතර එමඟින් නූතන මනෝවිද්‍යාවට අතිශයින් වැදගත්වූ කරුණු දෙකක් එක්වීය. 19 වන ශතවර්ෂයේ අවසන් භාගය වනවිට ඩාවින්ගේ මෙම පරිණාමවාදී සංකල්පය බොහෝ විෂයන් කෙරෙහි බලපෑ අතර මනෝවිද්‍යාවේ වර්ධනය කෙරෙහිද මහත් බලපෑමක් එල්ල කරනු ලැබ තිබේ. ඩාවීනියානුවාදය බිහිවන විට මිනිසාගේ කායික විද්‍යාත්මක  පදනම ගැන යම් යම් කරණු ප්‍රකාශ වී තිබුණත් මානසික තත්ත්වයන් විග්‍රහ කිරීමේ ප්‍රවේශය දර්ශනය හා දේවධර්මය මුල්වූ බවක් පෙනේ. මේ නිසා මිනිසාගේ හා සත්ත්වයන්ගේ සමානතා නොදු‍ටු අතර, දේවධර්මයට අනුව මිනිසා ඔහුගේ වර්තමාන ස්වරූපයෙන් දෙවියන් විසින් නිර්මාණය කරනු ලබයිද, දර්ශනයට අනුව මානව චර්යාව බුද්ධිවාදී ක්‍රියාකාරකමක් වූ අතර තර්කනය විසින් එය මෙහෙයවනු ලබන බවද සැලකීය. ඩාවීනියානුවාදය විසින් මානව චර්යා පහත් බවට සම්මත් සත්ත්ව චර්යාවේ විකාශනයක් බවටත් විස්තර කරනු ලැබීය. මේ නිසා මානව චර්යාවෙහි සත්ත්ව චර්යා උරුමයක් දක්නට ලැබෙන් අතර සත්ත්ව චර්යාව ආශ්‍රයෙන් මානව චර්යාව අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබේ.

මිනිස් මානසික චර්යාවන් සත්ත්ව මානසික  චර්යාවන් අතර පැවැත්මක් ඇත යන නිගමනය මත මනෝවිද්‍යාඥයින් පර්යේෂණාගාර පරීක්ෂණ සඳහා සතුන්ගේ මානසික ක්‍රියාවලිය හැදෑරීමට පර්යේෂණ ආරම්භ කරනු ලැබීය.

ඩාවින් විසින් ස්වභාවිකවරණයෙහි උපකලපනයක වශයෙන් ජීවන සටන් (struggle for existence) පිළිබඳව මෙසේ දක්වා තිබේ. පරිසරයක ජීවත්වන ජීවීන්ගේ ගහණ ඝනත්වය වැඩිවෙත්ම ඒ පරිසරයේ ඇති සම්පත් සඳහා සීමාකාරී සාධක මතුවේ. එයට හේතුව ඇතැම් ජීවීන් එක් පොදු සම්පතක් අපේක්ෂා කිරීමයි. 

උදාහරණ: ශාක භක්ෂක සතුන් 

මේ අනුව ජීවීන් ආකාර කිහිපයක් එකම සම්පත භාවිත කිරීම තුලින්  ජීවත් වීම උදෙසා ඔවුන් අතර තරඟයක් ඇතිවේ. ඒ තරඟය එකම විශේෂයේ ජීවීන් අතර පොදු සම්පතක් උදෙසා (අන්ත:විශේෂ තරඟය) හෝ විශේෂ දෙකක් අතර පොදු සම්පතක් උදෙසා (අන්තර් විශේෂ තරඟය) තරඟ ඇති විය හැකිය. එසේ ජීවත් වීම සඳහා ජීවීන් අතර පවතින තරඟය ජීවන සටන නම් වේ.

නූතන මනෝවිද්‍යාවෙහිද ඉතා ඉහලින් පිළිගනු ලබන මූලධර්මයක් වන මිනිස් හා සත්ත්ව කණ්ඩායම් පොදුවූත් මූලිකවූත් චිත්තවේග පිළිබඳ අදහස ඩාවින් විසින් ඉදිරිපත් කරනු ලබයි.මේ අනුව මූලික චිත්තවේග පරිණාම ක්‍රියාදාමයෙහි වර්ධනයක් වශයෙන්ද ද්විතීය චිත්තවේග ස්වභාවධර්මයේ නොව සමාජ සංස්කෘතියෙහි බලවේගයන්ගේ වර්ධනයක් වශයෙන් විස්තර කරනු ලබයි.

විශේෂයෙන් ඩාවින්ගේ මෙම ඩාවීනියනුවාදය විශේෂයෙන්ම මනෝවිද්‍යාවෙහි කාර්යවාදී ගුරුකුලයෙහි වර්ධනය කෙරෙහි මහත් බලපෑමක් ලක්කරන්නට වූ බවත් නිතැතින්ම සඳහන් කලයුතුවේ. මිනිස් මනසේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනයේදී මිනිස් චර්යා කෙරෙහිද අවධානය යොමු  කලයුතු බව චර්යාවාදීන් සිතීමට පෙලඹුයේද මෙම ඩාවීනියානු සංකල්පය බව යැයි සිතිය හැකිය.

 
R.D.D.ANURADHA
BA.PSYCHOLOGY(SP) (UG),
2ND YEAR,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.

Wednesday, August 1, 2012

මනෝඋපදේශනයේ ඉතිහාසය


f,dj ieu úIh Odrdjlgu b;sydihla we;sjd fiau ufkdaWmfoaYkhgo m%udKd;aul b;sydihla ;sfí' úfYaIfhkau m%d:ñl hq.fha ^.,a hq.fha& Ôj;a jQ ñksidg ish Ôjk jD;a;sh  ixlS¾K fkdjqfhka udkisl .eg¨ wju úh' tfy;a  miqld,Skj úoHdfõ yd ;dCIKfha ÈhqKqj;a iu`. ÈhqKq jk iudc l%ñl;a;ajhg uqyqK §fuys,d oeä f,i mqoa., Y%uh fhoùug mqoa.,hdg isÿ úh' tys m%;sM,hla f,i mqoa.,hdg úúO ldhsl yd udkisl .eg¨j,g uqyqK mEug isÿ úh' fufia ñksidg we;s jQ m%Yak Tjqfkdjqka idlÉPd fldg úi\ .;a w;r we;eï wjia:djkays§ mQcH" mQcl mCIhka yd jeäysáhka ueÈy;a ù  mqoa., udkisl .eg¨ úi\ we;' fï wkqj l%s' j 1900 olajd WmfoaYkh l%shd;aul jQfha wjjdo lsÍï iyd wkqYdikd ,nd§ï  u; nj uekúka meyeÈ,s fõ'

.%Sl yd ,;ska NdIdfõ tk zfldkais,shïZ hk mofhka ‘Counselling’ ^WmfoaYkh&  hk moh iE§ ;sfí' weyqïlka §u" ueÈy;a ùu" úi£u" úl,am fmkajd §u" Okd;aul j¾Okh yd Wmldr lsÍï wd§ w¾: ;=<ska fuh ;jÿrg;a ú.%y l< yelsh' fmrdmr foÈ. ñksiqka WmfoaYkh hkak l%shd;aul lr we;s wkaou ms<sn|j úuid ne,Sfï§" m%:ufhka u weußldfõ fÊ'î fvúia  l%s'j 1907 § muK mdi,a mka;s ldnrhla ;=< WmfoaYkh l%shd;aul lr ;sfí' úfYaIfhkau fuys§ fvúiag wjYH jQfha mdi,a orejkag we;s udkisl .eg¨  Tjqka tlsfkld w;r ikaksfõokh lr tajd úi\ .ekSfï we;s jeo.;alu fmkajd §uhs'  

l%s'j 1910 § muK jk úg ufkdaúoHd úIh f,dj mqrd m%p,s; ùu;a iu`. WmfoaYkh ufkdaúoHd úIhg iïnkaO úh' WmfoaYk ufkdaúoHdj hkq jHjydr ufkdaúoHdjg wh;a úIh lafIa;%hla jk w;r fuh jD;a;suh mqyqKqjla ;=<ska kHdhd;aul oekqu j¾Okh l<hq;= úIh iSudjls'
zzWmfoaYkh hkq udkj p¾hdj úYaf,aIKh lr th ilia lSÍu i|yd ufkdaúoHd;aul uQ,O¾u fhdod .ekSu fõ' WmfoaYkh ufkdaúoHd úIhg wod, fjku u lafIa;%hls' WmfoaYkfha moku ufkdaúoHdj fõ' ñksidg we;sjk .eg¨ ú.%y lrkafka ufkdaúoHdfjks' WmfoaYkh i|yd ufkdaúoHd;aul oekqu wjYH fõ' tneúka WmfoaYk ufkdaúoHdj  hkq mqoa.,hdf.a .eg¨j,g ms<s;=re fidhd .ekSug" úi\ .ekSug Woõ lrhs' fiajd,dNshd (client) fyda .eg¨j úi\ .ekSu flfrys fiajd,dNshd ;=< iajhx wjfndaOhla we;s lrhs" ke;fyd;a Tyqj iú{dksl lrhs' (R.S. Sharrf, Theories of Psychotherapy & Counselling , 2004) 


“Counseling focuses of development and the prevention of serious mental health problems through education and short term treaments”.


WmfoaYkh ;=<ska wjOdkh fhduqjkafka wOHdmkh yd flá ld,Sk m%;sldr u`.ska mqoa.,hdg we;s ;on, udkisl .eg¨ je<elaùu yd mqoa., ixj¾Okh we;s lsÍuhs' fuys§ zje<elaùuZ hkak b;d jeo.;ah' je<elaùu  isÿ fkdl<fyd;a ixj¾Okhla isÿ fkdfõ' tuksid wOHdmkh ;=<ska fiajd,dNshdj ;u .eg¨j iïnkaOfhka  iú{dksl lrhs' wOHdmkh ,nd §fuka fkdkej;S flá ld,Sk m%;sldr i|ydo fhduq úh hq;=h' fuys§ m%;sldr hkafkka woyia lrkafka T!IOuh fkdjk  (Non drug Therapy&  m%;sldrhkah'

fï wkqj WmfoaYk ufkdaúoHdj f,dj mqrd m%p,s; ùu;a iu`. th iudcfha úúO lafIa;%hka ;=<ska mek kef`.k .eg¨ldÍ ;;a;ajhka wju lsÍu i|yd fhdod .ekqKs' l%s'j 1920 § muK jkúg  weußldkq iudcfha mjq,a m%Yak úi\ .ekSu i|yd mjq,a WmfoaYk uOHia:dko ìys úh' tfukau WmfoaYk ufkdaúoHdj flfrys fojk f,dal uyd hqoaOh m%n, n,mEula isÿlr ;sfí' ìysiqKq hqoaOfhka miq we;sjQ ck Ôú;fha m%Yak ksrdlrKh lr .ekSu i|yd udkj flaJøSh jQ jHjydßl oekqï iïNdrhla w;HjYHh úh' miqj ld,Skj  is.auka f*%dhsâ ^l%s'j 1856-1939& jeks  ufkdaúoHd{hka ìys ùu;a iu`. WmfoaYk ufkdaúoHdj f,dj mqrd iS>%fhka ixj¾Okh jkakg úh' tfukau miq ld,Skj f,dj ìysjQ úúO ufkdaúoHd .=rel=, yd ufkdaúoHd{hka WmfoaYk ufkdaúoHdjg úúO wre;a olajd ú.%y lrkakg úh' 

Ø  WmfoaaYkfha mqfrda.dñhd jk Frank Parson g wkqj zzmqoa.,hdg jD;a;shla f;dard .ekSug wdOdrlsÍuWmfoaYkhhsZZ'

Ø .eg¨ úi£u i|yd jk udkisl úYaf,aIKh yd ksoyia m%ldYk jevigyk WmfoaYkhhs' ^ufkdaúYaf,aIKjdoh&

Ø    wdl,am" l=i,;d" nqoaêh ms<sn| ufkdaúoHd l%shdj,sh WmfoaYkhhs' ^m%cdkk .=rel=,h&

Ø    fiajd,dNshd flaJø fldg.;a iaùh;a;aj ixj¾Ok l%shdj,sh WmfoaYkhhs' ^udkqIjd§ khdh&

Ø    Ôú;djfndaOh ;=<ska .eg¨ úi£u WmfoaYkhhs' ^idxoDIaÀljdoh& ^{dKodi fmf¾rd" 2007&

ls%'j 1950 ka miq ufkdaúoHd WmfoaYkhg mQ¾K rdcH wkq.%yh ,eîu;a iu`. úúO wKmk;ao l%shd;aul fldg weußldfjka wdrïNj hqfrdamSh rgj,a mqrd jHdma; jkakg úh' tmuKlao fkdj úúO rdcH WmfoaYk uOHia:dko bÈjkakg úh' l%s'j 1950-1960 ld, mrdih ;=< weußldfõ m%n, ixj¾Okhla we;s úh' úêu;a ufkdaúoHd WmfoaYk ix.ï wdrïN ùu fuhg fya;= úh' zzweußldkq fiajd uKav, yd ud¾. WmfoaYk ix.uh (APGA - American Personnel and Guidance Association) iy cd;sl wdrCIK wOHdmk mk;la (NDEA - National Defence Education Act) we;súh' ;jo fu;=<ska kj ud¾. WmfoaYk kHdhka bÈßm;a úh' ^{dKodi fmf¾rd" 2007&

ls%'j 1960-1970 hq.h ;=< WmfoaYk ufkdaúoHdj jD;a;Suh ;;a;ajhla olajd ixj¾Okh úh'  ;jo .s,anÜ f¾ka (Glrbert Wren) úiska rÑ; “The counselor in a changing world” kï .%ka:h ;=<ska  tl, we;sjQ  úhÜkdu hqoaOh yd isú,a whs;sjdislï ms,sn| .eg¨o" WmfoaYl wjYH;d i|yd wjYH lreKqo wvx`.= fõ' fuu ;;a;ajhka idlÉPd lsÍu i|yd udkqIjd§  WmfoaYk kHdhkaf.a j¾Okhlao isÿúh' (Humanistic Counselling Theory) fuyso Abram maslow,  Sidney Jourard jeo.;a fõ' ^{dKodi fmf¾rd" 2007&

l%s'j 1980-1990 muK jk úg th f,dj mqrd m%p,s;j uE; hq.fha§ Y%S ,xldj ;=< b;d ckm%sh úIh Odrdjla njg m;aúh' ta wkqj WmfoaYk ufkdaúoHdfõ we;s jeo.;alu fldmuKoehs lsjfyd;a th j¾;udkh jk úg úúO me;slv Tiafia úyso f.dia ;sfnk wkaou uekúka meyeÈ,s fõ'

1' rdcH wxYh

2' rdcH fkdjk ixúOdk

3' mqoa.,sl wxYh

hkdÈ jYfhks'


úfYaIfhkau rdcH wxYh .;aúg th iudc fiajd wud;HxYh" jks;d lghq;= wud;HxYh" ;reKfiajd iNdj wd§ wdh;ko óg wu;rj ;sia jirl idm,;a l=ßre hqoaOfhka udkislj weo jegqKq ñksiqka mqkre;a:dmkh lsÍu i|yd werô mqkre;a:dmk wdh;k lsysmhlao ufkdaúoHd WmfoaYk fiajd mj;ajd f.k hkq ,nhs' mqoa.,sl wxYh hgf;a WmfoaYk fiajd mj;ajk wdh;k w;r Y%S ,xld udkisl fi!Lh mokuo ,xldfõ ufkdaúoHd WmfoaYk fiajd mj;ajdf.k hkq ,efí'


 
REV.ULUKKULAME GNNANARATHANA
BA.PSYCHOLOGY(SP) (UG),
2ND YEAR,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.